(නාලක සංජීව දහනායක)
තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) පැවැසීය.
පසුගිය අපේ‍්‍රල් මස 17 වැනිදා සිට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බවට තමන් මේවනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන බව කී රාජපක්ෂ මහතා ඒ අනුව ද්විත්ව පුරවැසියකු ලෙස ස`දහන් කරමින් නිකුත්කර තිබූ විදෙස් ගමන් බලපත්‍රය අවලංගුකර ශ්‍රී ලාංකික පුරවැසියකු බව සදහන් කරමින් තමන්ට නව ගමන් බලපත්රයක්ද නිකුත්කර තිබෙන බවද ඔහු කීය.
එහෙත් තම පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප්‍රචාරය කරමින් අධිකරණමය ක්රියාමාර්ගයකින් හෝ ප්‍රශ්න ඇති කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බවද ඔහු කීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවකට සහභාගි වෙමින් ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මේ අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂකයෙකු වෙන්න බාධාවක් නැහැ.නමුත් ජනාධිපති වන්න බැහැ.
වෙන්න ඇති.ඒත් වංචා දූෂණ චෝදනාවට ඔබ වැරදිකරුවෙක්.අපිට වෙනසක් ඕනේ. රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අලුත් මූණක්. වෙනසක් වගේම වංචා දූෂණ චෝදනා නැති පිරිසිදු චරිතයක්.
ඒක නම් එහෙම තමයි. ඒ වුණාට දැන් අර ඇමෙරිකන් පුරවසියෙක්ව හිටිකාලේ මෙහෙ නිවාඩුවකට ඇවිත් අයියගේ ඡන්ද වැඩට උදව් කළා කියලයි තව ජංජාලයක් පැටලිලා තියෙනවා නේද? දිනුවට පස්සේ හනික ඒවා තෝරාබේරා ගන්න වෙයි ඔන්න. යාලු මාළු විනිසුරුවෝ එහෙම නියමිත තැන්වල ඉන්නවනේ...
නඩු කප්පරක් තියෙන මනුස්සයෙක් ජනාධිපති කරන්න මේ රටේ මිනිස්සු මෝඩ නෑ ඇමෙරිකන් මහත්තයෝ... අනික ඉතින් ඡන්දයට ඉස්සෙල්ලා නඩු ඉවරවුණොත් කෙලින්ම ඇතුලේ. වැඩිම වුනොත් සීයට 32ක් 33ක් තමයි මේ වයසක මනුස්සයට ලැබෙන්නේ..
ලැජ්ජා නැති කමේ හැටි... මහා ලොකුවට කියනවා තමන් ඇමරිකන් පුරවැසිභාවය ඉල්ලා අස් කරගත්ත කියලා. එ්කත් එක්කම කියන්න මම ඇමරිකාවේ පුරවැසි භාවය ලබාගත්තේ යුද්ධයට බයේ පැනලා ගිහිල්ලා කියලා. ඊට පස්සේ අයියා ජනාධිපති වුණාම තමයි ආයේ ලංකාවට ආවේ කියලා. ලැජ්ජා නැති කමේ හැටි... ඇමරිකන් පුරවැසි භාවය ගත්තේ මොකෝ කියලා.. කිව්වේ නැහැ... එ්කත් විස්තර කරන්නකෝ...
ඔව් ඔව්... ඇමෙරිකන් පුරවැසිකම තියෙනවා. තව මොනවද අඩු?
තවතවත් බොරු කතා කියන්න එපා. ඔබ ඔබගේ ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමෙරිකානු පුරවැසි බව ඉවත් කළා නම් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් දෙන සහතිකය පෙන්වන්න ටීවී වලින්, ඒ වගේම සමාජ මාධ්‍ය වලින්. මොනවා කළත් ඔබට ඉනිංග්ස් තියලා පරදින්න වෙනවා. ඒ විතරක් නොවෙයි ඇයි නඩුවලට බය...? නඩු කරයා ගාවට ගිහින් හැමදාම වැඳලා කියනවා..." මාව අත්අඩංගුවට ගන්න එපා" කියලා තීන්දුවක් දෙන්න ස්වාමිනි 'කියලා. ඔබට විරුද්ධව තියෙන නඩු වැඩිහරියක් මිනීමැරුම් නඩු. මිනීමරුවෙක්ව, හොරෙක්ව, වංචා කාරයෙක්ව ඡන්දයෙන් ජනාධිපති ලෙස පත් කරන්න තරම් ලංකාවේ මිනිස්සු "දැන්" මෝඩ නැහැ. කාලයක් මිනීමරුවෙක් රටේ නායකයා වෙලා හිටියා. එයා තවමත් ජීවත්වෙනවා. කව්ද දන්නවද?
රටේ නීතිය. අනුව සුදුසුකම් හරිද? නඩු ඉවරද? සුදු වෑන්, මියගිය සොහොනට කෝටි ගණන් ජනතා මුදල් පාවිච්චිය, අැවන්ගාඩ් නඩුව, සාමාන්‍ය පුද්ගලයකුට මෙවැනි නඩු තියෙනකොට ජනාධිපති තරගෙට ඉදිරිපත් වෙන්න බැහැනේ... අයියලා, මල්ලිලාට එක නීතියක්ද? කිසිම නඩුවකට ඉදිරිපත් නොවී, ඒවාට පෙත්සම් ගහනවා. මොන විදියකින්වත් කිසිම සුදුසුකමක් නැහැ. අසරණ ජනතාව පාලනය කරන්න රාජපක්ෂවරු හිතන් ඉන්නේ කියුබාව කියලද? මේ රට, ඉඩී අමින්ලාට කොහොමත් ඉඩක් නැහැ.
ඇමරිකානු පුරවැසි භාවය අවලංගු කළාම දෙන සහතිකය නැතිනම් ඒ ලියවිල්ල දෙන්න. කෝ මොකද හංගාගෙන ඉන්නේ ප්‍රසිද්ධියට පත් කරන්න බයද?
හරි අපි මෙයා කියන දේ ඇත්තක් යයි නිකමට හිතමු (අමූලික බොරු බව දන්නෝ දනිති) නඩු 7ක් තියෙනවා අධිකරණවල, එ්කෙනුත් අර සොහොන්වලට මහජනතාව වන අපේ මුදල්වලින් සොහොන් හදපු එකේ වරද මෙයාම පිළිගෙන තියෙද්දී කොහොමද මෙයා ඡන්දෙකට එන්නේ? මෙයාට නාම යෝජනා නොලැබෙන නමුත් ටික දිනකට ගැලරිය චූන් කිරීමට ගෙනාපු මහත්තයා බව අපි දන්නවා.
ඔබට නැතත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. රටේ පුරවැසිකම අත්හැරපු කෙනෙක් ඡන්දෙ ඉල්ලන්න පුරවැසිකම නැවත ගත්ත පලියට රටට ආදරය කරන්න කියලා පිළිගන්නේ කොහොමද මහත්තයෝ?
අනේ මහත්තයෝ අර 2007 ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කලේ ඔබ නේද? අධිකරණයේ නඩු ගණනාවක වින්දිතයකු වන ඔබ වාර ගණන් නඩු කල්දැමීමට ඉහළ අධිකරණයෙන් කාලය ඉල්ලුවා මතකද? යුද්ධයේ උච්චතම අවස්ථාවේ හිටපු ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න ඇමතිගෙන් දණින් වැටී අවසර ඉල්ලාගෙන ඇමෙරිකාවට පලාගිය ඔබ යුද්ධය ඔබේ කරගෙන රණවිරු දඩයමේ ගියා නේද? ඔබ මේ වරම ඉල්ලන්නේ තියෙන නඩු බේරාගෙන ඔබට ආවේණික වූ සුපුරුදු දඩයමේ යන්න. පන්සල, පල්ලිය සහ කෝවිල දැන් සුපුරු පරිදි තෝතැන්නක් කරගෙන මහජනයා ඇන්දවීමක් නේද කරන්නේ? රට විනාශ මුඛයට යන්න නොදී ඇමෙරිකාවට ගිහින් කොල්ලකාපු මුදල් වලින් යහතින් වැජඹෙන්න. අන්තර්ජාලවල අප දැක්කා ඔබේ සුපුරුදු මන්දිර... ඔබට හෘද සාක්ෂියක් තියේ නම් කරුණාකර සුපිරි නඩුවලින් නිදොස් වී තමා ශ්‍රී ලංකා පුරවැසියෙක් බවට සාක්කි සහිත ලියවිල්ල සැමට පෙන්නා සේ ඉදිරිපත් කරන්න. දුප්පත් ජනතාව නැවතත් නිරයට තල්ලු කරන්න එපා. කෙටියෙන් කිවහොත් රට සූදුවට දක්කන්න එපා. අපට රටක් ඕනේ...
මෙලෝ දේශපාලන පලපුරුද්දක් නැති, තුන්මුල්ලේ හෙන්චයියන් යවලා පොලිසියේ නිලධාරීන්ගේ තොප්පි ගලවලා ඒ නිලධාරීන් විහිලුකාරයන් බවට පත්කළ අයට කවුද හලෝ ඡන්දේ දෙන්නේ..?
චන්ද්‍රිකා ලන්ඩන් හැටියට හරි... කෙසේවෙතත් ඇමෙරිකාවටම යන්න.
කොටින්ට විරුද්ධව කරපු යුද්ධයේ මොහු ඉතාම උසස් සේවයක් කළා. ආරක්ෂක ලේකම් විදියට මොහු කරපු කැපකිරීම සියලු හමුදා නායකයන්, සරත් ෆොන්සේකා ඇතුළුව ප්‍රශංසා කළා. ඒ වෙලාවේදී ඔය කාටවත් මොහුගේ පුරවැසිකම ගැන ප්‍රශ්නයක් තිබුනේ නැහැ. අනික මොහු ලංකාවේ ඉපදුණා. ලංකාවේ සහ ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසිකම තිබුනේ.. හැබැයි ඔය කවුරුවත් ඇහුවද සිංගප්පූරු පුරවැසියෙක් වුණු අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට කළ විනාශය. ඒ මංකොල්ලය කරනකොට ඔහුව එතැනට පත්කළේ කවුද හෙව්වද? සහරන් බෝම්බේ ගහපු වෙලාවේ ඔක්කොටම මතක් වුනේ ගෝඨාභය හිටියානම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. හොඳටම තේරෙනවා ලංකාවේ ජාතික ආරක්ෂාව අන්තිමටම වැටිලා කියලා. ඒ වෙලාවේදී ඝෝඨාගේ පුරවැසිකම අවුලක් නැහැ. කුහක ජාතියක් වෙන්න එපා. කවුරු වුනත් ශ්‍රී ලාංකික වටිනාකම් අගයන, ලංකාවට ආදරේ , මෙරට රැකගන්න කැප වූවා නම් ඔහු සැබෑ ශ්‍රී ලාකික පුරවැසියෙක්. ටිබෙට් ජාතික මහින්ද හිමි සැබෑ ශ්‍රී ලාංකිකයෙක්. ඒ හාමුදුරුවන්ගේ පුරවැසිකම ගැන කවුරුත් ඇහුවේ නැහැ නේද? මහින්දලාගේ කාලේ මම දන්නා කිසිම කෙනෙක් අතුරුදහන් වෙලා නැහැ. හැබැයි, ප්‍රේමදාස යුගයේ මගේ මාමා, බාප්පා ඇතුළු බොහෝ දෙනෙක් නැති වුණා.
ඔහොම කියනවා නම් අපි අභියෝග කරනවා පුලුවන්නම් ඇමරිකානු තානාපති මගින් පුරවැසිකම අහෝසිකර ඇතිබව රටට පෙන්වන්න කියලා... එතකොට මොනවත් කියන්න බැහැනේ... ඔබ ජනපති අපේක්ෂකයෙක් බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට වගකිවයුතු අංශවලට නීතිමය අවකාශ තිබෙනවා.
ඇවිල්ලා දිනුවට කමක් නැහැ. ඔය වටේම ඉන්නේ කසිකබල් පිරිසක්... වයෝවෘද්ධ, අපොස සාපේ වැදිච්ච, මහින්දගේ කාලේ මහින්දවත් අන්දවලා හැසිරුණු පිරිසක්. මොවුන් හලලා එන්න බැරිද? නැතිනම් අනාථයි. රටට අබ සරණයි...
ගොටගේ ඇමෙරිකන් පුරවැසිකම ගැන මෙතන පොළොවේ හැපෙන අය අපිව බිමටම වට්ටලා රටින් පැන්න අර්ජුන් මහේන්ද්‍රන් ගැන මීක් නැහැ. තොත්ත බබාල.
කාටද චන්දෙ දෙන්නේ කියලත් කව්ද දිනන්නේ කියලත් මිනිස්සු තීරනය් කලෙත්..හිතුවෙත් මීට මාස ගානකට කලින්...
තනතුරු ගන්න ලාංකිකයෝ වෙන්න හදන අය අපිට ඕන නෑ. අපේ රටේ ඕන තරම් රටට ආදරේ ලාංකිකයෝ ඉන්නවා.