
(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවසීය.
ඉන්ද්‍රජාලකයා යනු කරන්න බෑ කියා විශ්වාස කරන දේවල් කර පෙන්වන්නා බවත් ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණනට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත් ඡන්දගණන වැඩි කරලා පෙනවීමත් උතුර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම පලාත් හතරම එක පක්ෂයකින් ජයග්‍රහණය කර පෙන්වීමත් හේතුවෙන් ජනාධිපතිවරයා ඉන්ද්‍රජාලකයෙකු බවට පිලිගන්නා බවත් ඔහු සඳහන් කළේය.
පිවිතුරු හෙළ උරුමය කාර්්‍යාලයේ දී පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා තවදුරටත් මෙසේද කීවේය.
“ජනාධිපතිතුමා ජයග්‍රහණයෙන් පසු කළ පළමු කතාවේ දී මම ඉන්ද්‍රජාලකයෙකු නොවෙමි කිව්වාට එතුමා කියලා තිබෙන්නේ බොරුවක්. ඇත්තෙන්ම එතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි.
ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණනට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත් ඡන්දගණන වැඩි කරලා පෙන්නුවා. ඊටත් වඩා වැදගත්. ඉතිහාසයේ ප්‍රථම වරට උතුර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම කියන පලාත් හතරම එක පක්ෂයකින් ජයග්‍රහණය කරලා පෙන්නුවා.
ඉන්ද්‍රජාලකයා කියන්නේ කරන්න බෑ කියලා විශ්වාස කරන දේවල් කරලා පෙන්වන කෙනා. එහෙමබැලුවාම ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවානං මොනවද ඉතිං? විශ්වාසභංගේ ගේන හැටි කියහංකෝ!
ඊළඟ මැතිවරණයේදී ඔබේ මනාපයත් මාලිමාවට දෙන්න එහෙනම්
මහාචාර්ය මුනිට අනුව නම් මෙම ඉන්ද්‍රජාලිකයා පසුපස බලවත් තානාපති කාර්යාල කටයුතු කරලා තියෙනවා. මාසයක් වැනි කාලයකදී උ. නැ. චන්ද 500%කින් පමණ වැඩි කර ගන්න ඉන්ද්‍රජාලිකයකුට උනත් අපහසුයි බාහිර බලවේගවල තල්ලුව නැති නම්. 2015දී ඒ වැඩේ කලේ අජිත් දෙවොල්. ඉහල පෙලේ ඉන්දියානු නිලධාරියෙක්. එම මැතිවරණයේදීත්, චන්දය පැවැත්වූ දින හවස් වරුවේ උතුරු නැගෙනහිර පළාත්වල ඡන්දය දැමීම බුරුතු පිටින් සිදු වුණා. ඒ ගැන විමසීමක් කළ යුතු බව එකල කතා බහක් ඇති වුණා.
පක්ෂ බදාගෙන නැති රටට ආදරය ඇති ජනතාව හැමදාම තීරක බලවේගය වෙලා පාලකයින්ට බලය ලබා දෙනවා. වැඩක් කරන්න පුළුවන් විදිහට දැන් ජනතාව උපේක්ෂාවෙන් බලා සිටිනවා රට දිනවන දිහා. කිසිවක් කියන්න තවම කාලය මදි.
එහෙනං තමුන් කියපු කතා බොරු නේද? කරන්න බැරි වැඩ කරල පෙන්වනවා. පාස්කු ප්‍රහාර ගැන දැන් මොකද කියන්නේ. තමුන්ට දැන් යන එන මං නැහැ. දැන් කරන්න වෙන රස්සාවක් හොයා ගන්න.
ඉතිං ඔයත් ඉන්ද්‍රජාලිකයෙක් වෙන්නකෝ. හැබැයි ඡන්ද හම්බ වුණේ ඇස් බැන්දුම් කරලා නෙමෙයි. උඹලගේ නරි නාටක එපා වෙලා.
හිරිකිත දේශපාලනය අහවරයි සහෝදරයා... පැත්ත මාරු කරන්න හදන්න එපා. ඔයාව ගන්න එකක් නෑ...
මාරුවෙන් මාරුවට බලයේ හිටපු රටම හොරාකාලා විනාශ කරපු, ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන් මෙවර ජනතාව ප්‍රතික්ෂේප කර, ජනතාවාදී, අදූෂිත නායකයෙක් පත්කෙරුවා...!
මෙතෙක් ඔබතුමා විකුණන් කෑවා... ජාතිවාදයත් අහෝසි වුණා.
ජනාධිපතිතුමා ඉන්ද්‍ර ජාලිකයෙක්!!! ඔයා අග්නි (ගිනි) ජාලිකයෙක්?
ඉන්ද්‍රජාලයෙකුටද හිවලෙකුටද ශිෂ්ඨ සමාජය තුළ වැඩි පිළිගැනීමක් තියෙන්නේ... සුදුසු තොප්පිය දාගත්තොත් හොඳයි..!
මේ මොකද මෙයා දැන් බාබෙද්දෝ කියලා කෑගහන්නේ? ඡන්දෙන් පස්සේ කවුරුවත් කනපිට ගැහැව්වාද?
උතුර දකුණ යා කළා කියන්න පුළුවන්ද මේ මනුස්සයාට...? උතුර දකුණ බෙදන්න කොච්චර වලි කෑවාද..? වැලලෙන්න හැදුවා. ඇත්තටම තේරිලා කියනවාද, භයට කියනවද, ලැජ්ජාවට කියනවාද, ලැජ්ජා නැතිව කියනවාද හිතා ගන්න බෑ...
බයිලා එපා, දෝෂාභියෝගය ගෙනෙන දවස ජනතාවට කියල ඉන්නවද?
මේ වගේ අවලංගු කාසියක්.
ඒ ගමන මූ මොකාටද එන්න හදන්නෙ?
මෙන්න මේ වගේ මානසික ලෙඩ්ඩු අල්ලලා බෙහෙත් කරන වැඩපිළිවෙළක් ඉක්මණින් ක්‍රියාත්මක කරන්න...
මෙයාට දරුණු මානසික රෝගයක් තියෙනවද කොහෙද?
පාස්කු ප්‍රහාරයේ තවත් බොරු වාර්තාවක් නැද්ද? මෙයත් හරියට රංගෙ බණ්ඩාර වගේ...
මෙයා දැන් මේ කියවන්නේ පිස්සුවෙන් වගේ... මොකද කියපු හැම කතාවක්ම රටේ සමස්ත ජනතාවම නෑහුනා වගේ හිටියේ පිස්සු දොඩවන නිසා. මෙයා දැන් යන එන මන් නැතුව කුණු බක්කියට වැටිලා ඉන්නේ. ලැජ්ජයි කියන්න...!