(රන්ජන් කස්තුරි)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගොස් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා බැහැදැකීය.
පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටියදී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදු වූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙත සිය බලවත් කනගාටුව හා සංවේගය පළ කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වට හමුවේ ගෙනක ඇති ඉදිරි පියවර ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට රජය මේවනවිට කටයුතු කර තිබෙන බවයි.
අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථානලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද තමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි අංශ සියලු තොරතුරු අනාවරණය කර තිබියදීත්, නිසි ක්‍රියාමාර්ගයක් නොගත්, විධායක ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමති, පොලිසිය භාර ඇමති යවනවා වෙනුවට කාදිනල්තුමාත් සමග කවර සාකච්ඡාද?
කටින් බතල සිටුවීම...
290 ක් මැරුණට පස්සේ බැහැදකින්නේ මොන කෙහෙල්මලටද?
මිනීමරලා දැන් මොන බැහදැකීම්ද? වැඩක් හරියට කරන්න පුලුවන් මනුස්සයෙක්ට ඕක දීලා ගෙදර යන්න. අර දෙවෙනියාත් අරගෙනම යන්න...
තවත් මොනවා බලගන්නද?
රටේ බුද්ධි අංශ වාර්තාව බාර දීලා තිබෙනවා. එ්ක කියවලා නිසි පියවරක් ගන්න බැරි ඔබතුමා ආරක්ෂක ඇමතිකම හරියට කරන්න බැරි නම් මොකටද එ්ක බාරගත්තේ? අද ලෝකේ තිබෙන ඉන්ටර්නෙට් තාක්ෂණය භාවිතා කර ලෝකේ ඕනෑම තැනක් ඉඳන් වැඩ කරන්න පුළුවන්..., එහෙම නැත්නම් තමන් පිටරට යනකොට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට හෝ ආරක්ෂක ලේකම්ට මේ වගකීම් පවරලා යන්න පුළුවන්... මේ මොකවත් නොකර නිකම්ම ලෝකේ වටේ රවුම් ගහන්න ගිහින්, ජීවිත 300ක් විතර විනාශවෙලා... 100ක් විතර සදාකාලික අබාධිත තත්වයට පත්වෙලා, තව 200ක් විතර තුවාලවෙලා..., රටේ ආර්ථිකයට වුණු පාඩුව ඩොලර් බිලියන ගණනක්.., අඩුම තරමේ ඔබතුමා වගකීම භාරගෙන ආරක්ෂක ඇමතිකමෙන්වත් ඉවත් වෙලා නැහැ. ඔබතුමාට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද?
රට කාලා.. දෙන බයිලා ගහනවා.. කැවුම් පුච්චන්නයි, රබන් ගහන්නයි නියමයි. මේ අයව පත්කරපු 62 ලක්ෂයේ හරකුන්ට පේනවා ඇති වෙනසක තරම...
රජයේ බුද්ධි අංශය හමුදාව, පොලිසිය ශක්තිමත් කරලා අවශ්‍ය බලය දීලා... කුඩු, පාතාල, ත්‍රස්තවාදීන්ව අතුගා දැමිය යුතුයි.
මෙයාව හම්බවෙනවට වඩා හොඳයි, අපේ කුඹුරෙ ඉන් පඹයා හම්බවෙන එක..
හැමදාම අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහන ආණ්ඩුවක්....
දැන් මේ කීවෙනි වතාවේද? විපත වුණාට පස්සේ ආයේ මෙහෙම වෙන්න දෙන්නේ නැහැ කියනවා. කුණු කන්දේ ඉඳන් මේ වගේ විපත් කියක් තව වුණාද? ඔබතුමාට තේරෙනවද තමන්ගේ හැකියාව කොතැනද කියලා..?