
(නිමල කොඩිතුවක්කු)
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති ගමනකට අර අදිමින් සිටින බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
කොළඹදී සමගි ජන බලවේගය අද (7) සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
“ඇතැම් මාධ්‍ය අලුත් වස්ත්‍ර ඇඳ ගත යුතුයි කියා ජනාධිපති අනුර දිසානායක මහතා මාධ්‍යට අනතුරු ඇඟවීමක් සිදුකළා. ඒ වගේම ඇතැම් මාධ්‍ය වල්බූරු නිදහසක් භුක්ති විඳිනවා එය වහාම නතර කරගත යුතුයි කියා මාධ්‍ය විෂය භාර ඇමැතිවරයා ලෙස විජිත හේරත් ඇමතිවරයාත් ප්‍රකාශ කළා. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ නායකයෙක් ප්‍රකාශ කළා ජාතික ජනබලවේගය බලයට පැමිණි පසු ඇතැම් මාධ්‍ය ආයතන වහන්න සිදුවෙයි කියලා. වර්තමානයේ ඇතිවී තිබෙන්නේ ඒ අනතුර දැයි අපට සැකයක් මතුවනවා.
වෘත්තීය සමිති ව්‍යාපාරය අවශ්‍ය නැහැ ඒවා විසුරුවා හැරිය යුතුයි කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒවගේම රටට විපක්ෂයක් අවශ්‍ය නැති බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවට ආණ්ඩුවක් පමණක් ප්‍රමානවත් බව ඔවුන් ප්‍රකාශ කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් මහින්දයාගේ ආණ්ඩුව කාලේ බොරු බේගල් වට්ටෝරු දෙකක් ලියලා කරපු හරිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
ළඟ පිකප් කොට මොඩ්ල්...!
අනේ යන්න විකාර කියවන්නේ නැතිව...!
විකාර පොරක්...!
මීට කලින් පාලනය කළ අයගේ කාලයේ තමයි මාධ්‍යෙව්දීන්ව මැරුවේ. මාධ්‍ය ආයතන වලට බෝම්බ ගහලා, ගිනි තිබ්බේ. වෘත්තිය සමිතින් මර්දනය කලේ. වෙනත් මත දරන පුද්ගලයින්ව ඝාතනය කළේ. ඔය ඔක්කෝම අමතක කරලා නිකං ළදරුවෙන් වගේ හැසිරෙන්න එපා. ඉස්සර වගේ ජනතාව මෝඩ නැහැ...
මේ තවත් දේශපාලන අනාතයෙක් !!! තැන තැන බොරු වපුරන්නේ නැතිව ලේන්සුවක් එලාගෙන හිඟා කන්න, නුඹලා වගේ අවස්ථාවාදීන්ගේ කාලය ඉවරයි.
බණ්ඩා කොළඹ අවිදින් වගෙයි.
ඩු ල ස්....
ජවිපෙ පක්ෂ මූලස්ථානය වටේ කෙකර ගගා ඇවිදින කොට අනුර මෙයාව ඇතුලට ගත්තා නම් මෙහෙම කියන්නේ නැහැ, එහෙම නම් අනුර තමයි මාධ්‍ය නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දෙවියා. ලැජිජා නැතිකමට වඩා ඇමතිකම් ලොකුයි...
තමුන්ලා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරපු නිසාද දැන් යන එනමන් නැතිවෙලා ඉන්නේ?
පව් කියෙව්වට ගෙදර උන්වත් ඡන්දේ නෑ...
ඔබේ කතාව ඇත්ත කියලා හිතෙනවා. මෙතෙක් හිටපු ජනාධිපතිලා කිසිවෙක් මැතිවරණ කාලයේ සමාජ මාධ්‍යවලින් කරපු දේවල් වෙනුවෙන් අධිකරණයට ගියේ නැහැ. ඒත් මේ ජනාධිපති වෙනුවෙන් පලවූ එහෙම නැත්නම් ඔහුට බැහැ කියලා පලකොට තිබූ ෆේස්බුක් එකේ ලිපියක් වෙනුවෙන් පක්ෂයේ නීතිපති අධිකරණයට ගියා කියලා අහන්න ලැබුණා දැනටත් ඔහොම නම්...!
ජාජබේ ට ගිහින් අනේ මාවත ගන්නකෝ කිව්වා. පස්සට පයින් ගහලා එලවලා දැම්මා. දැන් හිතේ දුකට කියැවෙන ගී...
අමර කොටා හැම පැත්තටම පැනලා දැන් උපාසකනේ... ගෝතයා මම තවමත් දුක්වෙනවා... තොට දුන්නු මගේ පළවෙනි ඡන්දෙ ගැන හැම තැනම පහරනවා...
මහින්ද ළඟ ඉන්නකම් පුතානෝට බැන්නා හොරා කිය කියා.. ඊට පස්සේ පුතාණෝට එකතුවෙලා ඇන ගත්තා.. මේ නම් දේශපාලන අනාථයෙක්. මෙයත් පාර්ලිමේන්තුවෙන් අතු ගා දැමිය යුතු කෙනෙක්... ගායිකාවක් වෙච්චි බිරිඳටත් ලැජ්ජා කරනවා...
ඩලස් ඔබ, අනුන්ගේ ගමන් ගැන හිතන්නේ නැතිව තමා කොහාටද යන්නේ කියලා හිතුවොත් හොඳයි.