IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’

(නිමල කොඩිතුවක්කු)

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති ගමනකට අර අදිමින් සිටින බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

කොළඹදී සමගි ජන බලවේගය අද (7) සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් මෙසේද පැවසීය.

“ඇතැම් මාධ්‍ය අලුත් වස්ත්‍ර ඇඳ ගත යුතුයි කියා ජනාධිපති අනුර දිසානායක මහතා මාධ්‍යට අනතුරු ඇඟවීමක් සිදුකළා. ඒ වගේම ඇතැම් මාධ්‍ය වල්බූරු නිදහසක් භුක්ති විඳිනවා එය වහාම නතර කරගත යුතුයි කියා මාධ්‍ය විෂය භාර ඇමැතිවරයා ලෙස විජිත හේරත් ඇමතිවරයාත් ප්‍රකාශ කළා. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ නායකයෙක් ප්‍රකාශ කළා ජාතික ජනබලවේගය බලයට පැමිණි පසු ඇතැම් මාධ්‍ය ආයතන  වහන්න සිදුවෙයි කියලා. වර්තමානයේ ඇතිවී තිබෙන්නේ ඒ අනතුර දැයි අපට සැකයක් මතුවනවා.  

වෘත්තීය සමිති ව්‍යාපාරය අවශ්‍ය නැහැ ඒවා විසුරුවා හැරිය යුතුයි කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒවගේම රටට විපක්ෂයක් අවශ්‍ය නැති බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවට ආණ්ඩුවක් පමණක් ප්‍රමානවත් බව ඔවුන් ප්‍රකාශ කරනවා. 



අදහස් (17)

’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’

විපරමා Thursday, 07 November 2024 04:11 PM

තමුන් මහින්දයාගේ ආණ්ඩුව කාලේ බොරු බේගල් වට්ටෝරු දෙකක් ලියලා කරපු හරිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       8       64

පුරවැසියා Thursday, 07 November 2024 04:37 PM

ළඟ පිකප් කොට මොඩ්ල්...!

:       47       61

Sanjeewa Milano Thursday, 07 November 2024 04:50 PM

අනේ යන්න විකාර කියවන්නේ නැතිව...!

:       37       76

Janaka Paranamama Thursday, 07 November 2024 05:23 PM

විකාර පොරක්...!

:       9       62

J.Dhayalan Thursday, 07 November 2024 05:55 PM

මීට කලින් පාලනය කළ අයගේ කාලයේ තමයි මාධ්‍යෙව්දීන්ව මැරුවේ. මාධ්‍ය ආයතන වලට බෝම්බ ගහලා, ගිනි තිබ්බේ. වෘත්තිය සමිතින් මර්දනය කලේ. වෙනත් මත දරන පුද්ගලයින්ව ඝාතනය කළේ. ඔය ඔක්කෝම අමතක කරලා නිකං ළදරුවෙන් වගේ හැසිරෙන්න එපා. ඉස්සර වගේ ජනතාව මෝඩ නැහැ...

:       9       74

pjFriday, 08 November 2024 04:17 AM

අතීතයේදී වෙනත් මත දරන පුද්ගලයින්ව තම දරුවන් ඉදිරියේදීම අමු අමුවේ මරාදාපු ජවිපයට කත්අදින මේ ගව රැළගේ නුවණ ගැන මොන කතාද?

:       1       0

විජිත් Thursday, 07 November 2024 06:05 PM

මේ තවත් දේශපාලන අනාතයෙක් !!! තැන තැන බොරු වපුරන්නේ නැතිව ලේන්සුවක් එලාගෙන හිඟා කන්න, නුඹලා වගේ අවස්ථාවාදීන්ගේ කාලය ඉවරයි.

:       7       59

පිටරටවැසියා Thursday, 07 November 2024 06:13 PM

බණ්ඩා කොළඹ අවිදින් වගෙයි.

:       7       58

Upali Thursday, 07 November 2024 09:10 PM

ඩු ල ස්....

:       0       1

අරවින්ද මොනරවිල Thursday, 07 November 2024 09:39 PM

ජවිපෙ පක්ෂ මූලස්ථානය වටේ කෙකර ගගා ඇවිදින කොට අනුර මෙයාව ඇතුලට ගත්තා නම් මෙහෙම කියන්නේ නැහැ, එහෙම නම් අනුර තමයි මාධ්‍ය නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දෙවියා. ලැජිජා නැතිකමට වඩා ඇමතිකම් ලොකුයි...

:       0       2

Perera Thursday, 07 November 2024 11:21 PM

තමුන්ලා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරපු නිසාද දැන් යන එනමන් නැතිවෙලා ඉන්නේ?

:       0       1

රවිඳු Friday, 08 November 2024 03:58 AM

පව් කියෙව්වට ගෙදර උන්වත් ඡන්දේ නෑ...

:       0       1

Watapita Friday, 08 November 2024 05:27 AM

ඔබේ කතාව ඇත්ත කියලා හිතෙනවා. මෙතෙක් හිටපු ජනාධිපතිලා කිසිවෙක් මැතිවරණ කාලයේ සමාජ මාධ්‍යවලින් කරපු දේවල් වෙනුවෙන් අධිකරණයට ගියේ නැහැ. ඒත් මේ ජනාධිපති වෙනුවෙන් පලවූ එහෙම නැත්නම් ඔහුට බැහැ කියලා පලකොට තිබූ ෆේස්බුක් එකේ ලිපියක් වෙනුවෙන් පක්ෂයේ නීතිපති අධිකරණයට ගියා කියලා අහන්න ලැබුණා දැනටත් ඔහොම නම්...!

:       0       0

J R Randeniya Friday, 08 November 2024 10:13 AM

ජාජබේ ට ගිහින් අනේ මාවත ගන්නකෝ කිව්වා. පස්සට පයින් ගහලා එලවලා දැම්මා. දැන් හිතේ දුකට කියැවෙන ගී...

:       1       4

Sumithkatapoluge Friday, 08 November 2024 11:17 AM

අමර කොටා හැම පැත්තටම පැනලා දැන් උපාසකනේ... ගෝතයා මම තවමත් දුක්වෙනවා... තොට දුන්නු මගේ පළවෙනි ඡන්දෙ ගැන හැම තැනම පහරනවා...

:       0       7

කොලොම් තොටින් ගොඩ බැස්සා Friday, 08 November 2024 11:45 AM

මහින්ද ළඟ ඉන්නකම් පුතානෝට බැන්නා හොරා කිය කියා.. ඊට පස්සේ පුතාණෝට එකතුවෙලා ඇන ගත්තා.. මේ නම් දේශපාලන අනාථයෙක්. මෙයත් පාර්ලිමේන්තුවෙන් අතු ගා දැමිය යුතු කෙනෙක්... ගායිකාවක් වෙච්චි බිරිඳටත් ලැජ්ජා කරනවා...

:       0       6

Bunny Preena Saturday, 09 November 2024 09:14 AM

ඩලස් ඔබ, අනුන්ගේ ගමන් ගැන හිතන්නේ නැතිව තමා කොහාටද යන්නේ කියලා හිතුවොත් හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site