
(දයාරත්න ඇඹෝගම)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව අනුරාධපුර නගරයේ අද (11) සංවිධානය කරතිබු පා ගමනක් අතරතුරදි එම පාගමනට එක්වු පිරිසට ගල් පහරක් එල්ල කළ පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව උද්ඝෝෂණයක් හා පා ගමනක් උතුරැ මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා ඇතුළු පිරිසක් විසින් අනුරාධපුර නගරයේදි සංවිධානය කොට තිබුණි.
මෙම උද්ඝෝෂණය අනුරාධපුර නව නගරයේ බැංකු පෙදෙසේ පිහිටි පොදුජන පෙරමුණ දිස්ත්‍රික් පක්ෂ කාර්යාලය ඉදිරිපිටදි පැවැත්විමෙන් අනතුරැව ඔරලෝසු කණුව දෙසට යමින් සිටියදි ඒ ආසන්නයේ පිහිටි ඔසුසලක් ඉදිරියේදි පුද්ගලයෙකු විසින් එම පා ගමනට ගල් පහරක් එල්ල කොට තිබු අතර එම පුද්ගලයා එම අවස්ථාවේදිම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි.
ඒ අතර තුර මෙම පා ගමන ආසන්නයේ මහ මාර්ගයේ යම් කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් තණකොල සහ පුන්නක්කුද තබා තිබු අයුරැ දක්නට ලැබුණි.
මෙම උද්ඝෝෂණයට හා පා ගමනට පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් ඇතුළු ප්‍රාදේශිය දේශපාලඥයන් පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් ගහන්න එපා... තණකොළයි, පුන්නක්කුයි තමයි සුපිරි උත්තරේ... එයාලට එයාලගේ ඇත්ත තත්වේ අවබෝධ කරවලා දුන්නාම ඇති... පුන්නක්කු කවලා හරි ගොඩගන්න එපැයි...
ඔසුවල ගණන් අහලා ගන්න සල්ලි මදිව එළියට බැහැපු කෙනෙක් වෙන්න ඕනෑ..
රට, ජාතිය, ආගම තුනම අවුරුදු දෙකහමාරකින් විනාශ වුණා...
මහ ඇමැතිකමට තිබෙන ලෝබකමේ තරම පෙනෙනවා. අරගෙන දුන්නු එකත් කරගන්න බැරිව වෙනෙ කෙනෙකුට දුන්නා. පළාත් සභා තියයි. බලාගෙන ඉන්න. අර එළුවගේ මොකක්ද එක වැටෙනකන් බලා හිටියා වගේ... පෙළපාලි යනවා... තමුන්ට ගල් නෙවෙයි කන්න වෙන්නේ... බලාගෙනයි...!
බිත්තර ප්‍රහාරයක් දෙන්න පුළුවන්... නැතිනම් වැසිකිළි වලක් හිස් කරගන්න පුළුවන්.. ගල් ගහන්න එපා මෝඩයින්ට...
රටට මෙච්චර වෙලත් මදි මේ වගේ හරක් ඉන්නකන්...
උද්ඝෝෂණ කිරීමේ අයිතිය කාටත් තියනවා. ගල් ගහන එක රාජපක්ෂ ගණයේ වැඩක්...
අසූචි වලිනුයි ගහන්න තිබුණේ....!
බිත්තර ප්‍රහාරයක් දෙන්න තිබ්බේ...!
ඕනම අයකුට උද්ඝෝෂණ අයිතිය තිබෙනවා . පක්ෂ වුනත් විපක්ෂ වුනත් ඒ අයිතිය ට බාධා කිරීම වැරදි .
දැන් බිත්තර බලකාය නෑ එකේ ලොක්ක මිනිස්සු ගම සමග පිළිසදර ජනාධිපති තුමාගේ ගෙදර එක පාරයි කරේ බිත්තර බලකායේ ලොක්ක රට පැන්න
අපිත් ගහමු එතකොට ටයර් සෑය වල ඉඳි වේවි.
කතා දෙකක් එපා ගැහ්ව්වොත් ගහමු.