IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘ජනාධිපති දූෂිතයන් රකින්නේ නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

දේශපාලකයන් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ හැර ගියේ වංචා දූෂණ, නඩුහබ ආදියෙන් බේරාගැනීම වෙනුවෙන් රනිල් කිසි විටෙක පෙනී නොසිටීම නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එලෙස රනිල් වික්‍රමසිංහ හැර ගිය පිරිසේ ඇතැම් අය ජනාධිපතිවරයා දූෂිතයන් වංචාකරුවන් ස්ත්‍රී දූෂකයන් බේරා ගන්නවා යැයි චෝදනා නගමින් සිටින බව කී එජාප සභාපතිවරයා රනිල් වික්‍රමසිංහ කිසිම අවස්ථාවක අධිකරණයට බලපෑම් කර ඇතැයි ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සදහටම සමු ගන්නා බවද සඳහන් කළේය.

අධිකරණය ,ව්‍යවස්ථාදායකය සහ විධායකය යන කුළුණු තුනේ සමබරතාවය රැක ගනිමින් ශිෂ්ඨ සම්පන්න ලෙස රට පාලනය කිරීමට හැකියාව තිබෙන වර්තමානයේ සිටින එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ද එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඔහු කිසිවිටෙක ඉතිහාසයේ හෝ වර්තමානයේ මෙම බල තුලනයන් ට හානි වන අයුරින් අයුතු බලපෑම් කර නැතැයි පැවසූ එජාප සභාපතිවරයා අඩු ගණනේ තමා ජීවත් වූ පාරම්පරික නිවසට ගිනි තැබූ අය සෙවීමේ පොලිස් පරීක්ෂණ සඳහාවත් ජනාධිපති බලතල පාවිච්චි කරමින් අයුතු බලපෑම් කර නැති බව සිහිපත් කළේය.

අධිකරණ තීන්දු දේශපාලන බලයට නතු කරගන්නට උත්සාහ කළ යුගයක් ද පැවති බව කී අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ කිසි කලෙක අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමට කටයුතු කරන්නේ නැති බවද අවධාරණය කළේය.

 



අදහස් (13)

‘‘ජනාධිපති දූෂිතයන් රකින්නේ නෑ‘‘

Kumara Wednesday, 12 October 2022 12:43 PM

ඔබලා කවුරුන්ද?හොඳ මිනිස්සුද ?

:       3       26

sena Wednesday, 12 October 2022 12:45 PM

එකෙක් අල්ලලා පෙන්නන්නකො

:       3       24

de silva Wednesday, 12 October 2022 12:49 PM

ඔයා බබාද? මම ඔයාට කතන්දරයක් කියලා දෙන්නම්... පසුගිය දිනක සුනාමි හොරා කළුතර රත්තරන් මාලහොරාගේ රැස්වීමකට ඇවිත් කීවා මහබැංකු හොරා දැන් පුනරුත්ථාපනය වෙලා නියම මාර්ගයට වැටිලා තියෙන නිසා ඔහුට බනින්න එපා කියලා...!

:       7       28

pradeep Wednesday, 12 October 2022 12:50 PM

රකින්නේ නැහැ... ඇමැතිකම් දෙනවා... මෙයත් හොඳම ඩීල් කාරයෙක් තමයි.

:       4       25

දාස Wednesday, 12 October 2022 01:15 PM

මේ කියන්නෙ අංක එකේ තක්කඩියෙක් මේක තමයි සේනාධිපති එක්ක එකතු වෙලා, අල්ලස් කොමිසමේ අවංකව වැඩකරපු දිල්රුක්ෂි බන්ඩාරනායක ගෙදර ඇරියෙ බොරු චෝදනා ගොතල. අන්තිමෙදි උසාවියෙදි ඔප්පුවුනා. මේ හොරයොදය සේනාදිපතිය එක්ක එකතුවෙලා අල්ලස් කොමිසමේ සභාපතිනිය මුන් සමග කල කතාවෙ හඩ පටය කූට ලෙස වෙනස් කලබවට. උසාවිය තීන්දු කලා ඇයට එම තනතුර නැවත දෙන ලෙස. දැන් මේකට උසාවියෙ නඩු.මුන් සත්තු මිනිස්සු නෙමෙයි

:       3       27

යකාගෙ niithiya Wednesday, 12 October 2022 01:35 PM

යන්න දෙයක් නැහැනේ... ඡන්ද දායකයින් ඇපත් නැතුව ගෙදර ඇරියනේ... එහෙම යවලත් ගෙදර නොගිය ඔහෙයිල වන්චාකාරයින්, හොරු තක්කඩි දූෂකයින් කියලා ඔප්පු වුණත් යනවාද? නැහැනේ... නැහැනේ... ඔහෙයිලාට ලැජ්ජා නහර කියලා එකක් තියෙනවැයි...! වැරැදිකාරයින් කියලා ඔප්පුකරන අයව ගෙදර යවනවා මිසක්...

:       4       21

Buddika Wednesday, 12 October 2022 02:10 PM

අපොයි ඔව්... රකින්නේ එකෙක් නෙවෙයි. පල් හොරු රැළක්... ඊළඟ ඡන්දෙනුත් අහෝ වජිරට ගෙදරම ඉන්න ලැබෙයි.

:       4       11

jagath Wednesday, 12 October 2022 02:13 PM

ඔව් ඒක ඔප්පු වුණා කණ්‍යාවියන් 200 ක් දූෂණය කළ අය එළියට එද්දී...

:       2       10

Surain Wednesday, 12 October 2022 02:25 PM

එක හොරෙක් වෙනුවෙන් තව හොරෙක් කතා කරයි... හරිම අපූරුයි.

:       3       10

fairoos Wednesday, 12 October 2022 02:42 PM

අනේ ඔව්.. පුළුවන් නම් ඡන්දයක් තියලා බලමුද? ගිය සැරේ පිනට ලැබුණු සීට් එකත් නැතිවෙයි.

:       3       13

anura Wednesday, 12 October 2022 02:43 PM

අඩු ගානේ මාව රකින්නෙවත් නැහැ..!!

:       3       8

පප්ප Wednesday, 12 October 2022 03:36 PM

ඒක හින්ද වෙන්න ඇති සිරිලිය ගිනුමෙන් කෝටි ගනන් ගහපු උන්දැගෙ පැමිනිල්ල රන්ගොජාගෙ ගෙදරටම ගිහිල්ල කරගන්න කිවිවෙ. කාවද රවට්ටන්න හදන්නෙ?

:       3       7

විපරමා Wednesday, 12 October 2022 04:29 PM

පින් ජනපතියා ඇවීත් ඉන්නේ දූෂිත පවුල් පාලනේ උන් සහ පොහොට්ටුවෙ දූෂිත දේසපාලුවෝ 134 දෙනා රකින්ඩ කියලා ලෝකෙම දන්නවා .ජනපතියත් නිකම්ද මහ බැන්කු බැදුම්කර හොරාකාපු කෙනානේ ?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site