(අංජුල මහික වීරරත්න)
දේශපාලකයන් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ හැර ගියේ වංචා දූෂණ, නඩුහබ ආදියෙන් බේරාගැනීම වෙනුවෙන් රනිල් කිසි විටෙක පෙනී නොසිටීම නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
එලෙස රනිල් වික්‍රමසිංහ හැර ගිය පිරිසේ ඇතැම් අය ජනාධිපතිවරයා දූෂිතයන් වංචාකරුවන් ස්ත්‍රී දූෂකයන් බේරා ගන්නවා යැයි චෝදනා නගමින් සිටින බව කී එජාප සභාපතිවරයා රනිල් වික්‍රමසිංහ කිසිම අවස්ථාවක අධිකරණයට බලපෑම් කර ඇතැයි ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සදහටම සමු ගන්නා බවද සඳහන් කළේය.
අධිකරණය ,ව්‍යවස්ථාදායකය සහ විධායකය යන කුළුණු තුනේ සමබරතාවය රැක ගනිමින් ශිෂ්ඨ සම්පන්න ලෙස රට පාලනය කිරීමට හැකියාව තිබෙන වර්තමානයේ සිටින එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ද එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
ඔහු කිසිවිටෙක ඉතිහාසයේ හෝ වර්තමානයේ මෙම බල තුලනයන් ට හානි වන අයුරින් අයුතු බලපෑම් කර නැතැයි පැවසූ එජාප සභාපතිවරයා අඩු ගණනේ තමා ජීවත් වූ පාරම්පරික නිවසට ගිනි තැබූ අය සෙවීමේ පොලිස් පරීක්ෂණ සඳහාවත් ජනාධිපති බලතල පාවිච්චි කරමින් අයුතු බලපෑම් කර නැති බව සිහිපත් කළේය.
අධිකරණ තීන්දු දේශපාලන බලයට නතු කරගන්නට උත්සාහ කළ යුගයක් ද පැවති බව කී අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ කිසි කලෙක අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමට කටයුතු කරන්නේ නැති බවද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා කවුරුන්ද?හොඳ මිනිස්සුද ?
එකෙක් අල්ලලා පෙන්නන්නකො
ඔයා බබාද? මම ඔයාට කතන්දරයක් කියලා දෙන්නම්... පසුගිය දිනක සුනාමි හොරා කළුතර රත්තරන් මාලහොරාගේ රැස්වීමකට ඇවිත් කීවා මහබැංකු හොරා දැන් පුනරුත්ථාපනය වෙලා නියම මාර්ගයට වැටිලා තියෙන නිසා ඔහුට බනින්න එපා කියලා...!
රකින්නේ නැහැ... ඇමැතිකම් දෙනවා... මෙයත් හොඳම ඩීල් කාරයෙක් තමයි.
මේ කියන්නෙ අංක එකේ තක්කඩියෙක් මේක තමයි සේනාධිපති එක්ක එකතු වෙලා, අල්ලස් කොමිසමේ අවංකව වැඩකරපු දිල්රුක්ෂි බන්ඩාරනායක ගෙදර ඇරියෙ බොරු චෝදනා ගොතල. අන්තිමෙදි උසාවියෙදි ඔප්පුවුනා. මේ හොරයොදය සේනාදිපතිය එක්ක එකතුවෙලා අල්ලස් කොමිසමේ සභාපතිනිය මුන් සමග කල කතාවෙ හඩ පටය කූට ලෙස වෙනස් කලබවට. උසාවිය තීන්දු කලා ඇයට එම තනතුර නැවත දෙන ලෙස. දැන් මේකට උසාවියෙ නඩු.මුන් සත්තු මිනිස්සු නෙමෙයි
යන්න දෙයක් නැහැනේ... ඡන්ද දායකයින් ඇපත් නැතුව ගෙදර ඇරියනේ... එහෙම යවලත් ගෙදර නොගිය ඔහෙයිල වන්චාකාරයින්, හොරු තක්කඩි දූෂකයින් කියලා ඔප්පු වුණත් යනවාද? නැහැනේ... නැහැනේ... ඔහෙයිලාට ලැජ්ජා නහර කියලා එකක් තියෙනවැයි...! වැරැදිකාරයින් කියලා ඔප්පුකරන අයව ගෙදර යවනවා මිසක්...
අපොයි ඔව්... රකින්නේ එකෙක් නෙවෙයි. පල් හොරු රැළක්... ඊළඟ ඡන්දෙනුත් අහෝ වජිරට ගෙදරම ඉන්න ලැබෙයි.
ඔව් ඒක ඔප්පු වුණා කණ්‍යාවියන් 200 ක් දූෂණය කළ අය එළියට එද්දී...
එක හොරෙක් වෙනුවෙන් තව හොරෙක් කතා කරයි... හරිම අපූරුයි.
අනේ ඔව්.. පුළුවන් නම් ඡන්දයක් තියලා බලමුද? ගිය සැරේ පිනට ලැබුණු සීට් එකත් නැතිවෙයි.
අඩු ගානේ මාව රකින්නෙවත් නැහැ..!!
ඒක හින්ද වෙන්න ඇති සිරිලිය ගිනුමෙන් කෝටි ගනන් ගහපු උන්දැගෙ පැමිනිල්ල රන්ගොජාගෙ ගෙදරටම ගිහිල්ල කරගන්න කිවිවෙ. කාවද රවට්ටන්න හදන්නෙ?
පින් ජනපතියා ඇවීත් ඉන්නේ දූෂිත පවුල් පාලනේ උන් සහ පොහොට්ටුවෙ දූෂිත දේසපාලුවෝ 134 දෙනා රකින්ඩ කියලා ලෝකෙම දන්නවා .ජනපතියත් නිකම්ද මහ බැන්කු බැදුම්කර හොරාකාපු කෙනානේ ?