(අංජුල මහික වීරරත්න)
කිසි විටෙක කාගේවත් පැත්තක් නොගන්නා අතර තමා ගන්නා එකම පැත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේ පැත්ත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේ අද (9) පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ආණ්ඩුව ලෙස බලධාරීන්ට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 1996 වසරේදී ලංකාව ලෝක කුසලානය දිනා ගන්නා මට්ටමට රැගෙන ආ බව කී ජනාධිපතිවරයා තමා ,රජය ඇතුළු සියලු පාර්ශව වල එකම අරමුණ විය යුත්තේ නැවතත් ඒ තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන ඒම යැයි සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අයි.සී.සී ආයතනය යම් කාරණයක් සම්බන්ධයෙන් පෙරේදා (8) කතා කර තිබෙන බවට තමාට ආරංචි ලැබී ඇතැයි කී ජනාධිපතිවරයා තමාට ඇති එකම බය ඒ කාරණය යැයිද සඳහන් කළේය.
වර්තමානයේ පැන නැගී ඇති තත්ත්වය අනුව කමිටු දමා විසඳුම් සෙවීම පලක් නොවන බව කී ජනාධිපතිවරයා කළ යුතු එකම දේ සම්පූර්ණයෙන් ක්‍රිකට් නීතිය වෙනස් කිරීම බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් චිත්‍රසිරි වාර්තාව ඒ අනුව ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවද ජනාධිපතිවරයා කීය .
ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකල පාසල් ක්‍රීඩාව ගොඩනැගීම සම්බන්ධයෙන් තමාට ද වගකීමක් පවරා තිබූ බව කීය.
පාර්ලිමේන්තු කමිටු ශාලාවක දී ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර මෙම හමුව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවත් කළයුතු කුණුගොඩාක් බදාගත් නිසා රනිල් මහතාට තිබුණු ජනතා කැමැත්තත් අඩුවෙයි. කිරිකලයටගොම ගොඩක් දාගත්තා වගේ වෙයි. කොහොමටත් පොහොට්ටුව තවදුරටත් ජනතාවට එපාවෙයි.
එක පැත්තක විගණන වාර්තා මගින් දූෂිත යයි සම්මත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. අනිත් පැත්තේ දූෂිතයින් පන්නමු යයි එක්සත් වූ පාර්ලිමේන්තුව. ජනාධිපති දෙපැත්තටම සමයි. එක්සත් ජාතීන්ගේ සංගමයට අභියෝග කළ තැනැත්තා ICC එකට බයයි. කාටද අප්පා මේ සුදුලූනු පොඩි කරන්නේ...?
මට හිතෙන්නේ මේ ප්‍රශ්නය අපිට පේනවට වඩා එහාගිය රාජ්‍ය තාන්ත්‍රිකව බැඳුණු දෙයක්... ඒකයි ජනාධිපති සද්ද නැතිව ඉන්නේ...!
අනේ නිකන් ඉන්න... පච කෙලින්නෙ නැතිව... අපි නොදන්න රනී..!
දැන් රනිල් පොහොට්ටුව නෙවෙයි. ආපහු unp සහ පරණ යාළුවන් සමග. කොහොමත් ඉතින් born again එකට කැමති ඇති. උඩින් බෞද්ධ වුණාට ගියේ පන්සලට නෙවෙයිනේ. කුරුණෑගල බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ ඔහුගේ බාප්පා. තාත්තාගේ මල්ලී. රනිල් බෞද්ධ නොවීම නොවෙයි ප්‍රශ්නය. තමුන් උපන් ආගම කාටත් වටින්න ඕනෑ. නමුත් රනිල් බොරු බෞද්ධයෙක්. අන්න ඒක තමයි ප්‍රශ්නය. ඉතින් එහෙම කෙනෙක් විශ්වාස කරන්න අමාරුයි.
මෙතුමා අනිවාර්යෙන්ම ශම්මිගේ පැත්තේ තමයි ඉන්නේ... හොඳටම ඒක තේරෙනවා. මෙයාගේ පිටිපස්සේ ඉන්න ප්‍රධාන ගෝලයෝ දෙන්නා ශම්මිට තමයි උදව් කරන්නේ, කෝටි ගණන් අතයට ගනුදෙණු වෙනවා..!
ඒකනේ. දැන් බලන්න මහ බැංකු වංචාව වෙච්ච වෙලේ කිසිම පැත්තක් ගන් නැතුව අර අහිංසක අර්ජුණ ඇලෝසියස්ට රට යන්න දුන්නෙ ඔබ තුමානේ. දැන් අධිකරණ වලින් අර්ජුණ ඇලෝසියස්ව නිදොස් කොට නිදහස් කරනවනේ. එහෙම නොවුනොත් නීතිපති තුමා නඩුව ඉල්ලා අස්කොරගෙන හරි ඇලෝසියසියස්ව නිදහස් කරනවනේ. කොයිතරම් සාධාරණද ඔබ තුමා. මේ තරම් සාධාරණ මනුස්සයෙක් බුදු හාමුදුරුවන්ගෙන් පස්සෙ මේ ලෝකෙට පහල උනාමයි.... අම්මපා....
බුකීකරුවන් විසින් පාලනය කරනු ලබන දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්ත තමා ගන්නා බව ජනපති හෙළිකර ඇත.
අපි නොදන්න කෙනෙක්ද මෙයා...?
මේ සූත්තර පුංචා හිතාගෙන ඉන්නේ ජනතාව කන්නේ තණකොළ කියලාද කොහේද? ඔයා බලෙන් ගත්තු පින් තනතුර ඉවර වෙලා වරෙන්කෝ ඡන්දෙකට...?
ජනාධිපති ගන්නේ රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, ශම්මි සිල්වා වැනි යුරෝප් තාලෙට අඳින, ඉංග්‍රීසි කතාකරන ඩොලර් මිලියන ගණනින් හොරකම් කරන මිනිස්සුන්ගේ පැත්ත තමයි කවදත්...!