(අංජුල මහික වීරරත්න)
ලංකාව නැවත ගොඩගැනීමට යන ගමනේදී කිසිවෙකු ඉවත්කර හෝ ඈත්කර තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
සියලු දේශපාලන පක්ෂ ඒකරාශි කරගෙන ජාතික ප්‍රතිපත්තියක් හරහා රට ඉදිරියට ගෙන ගියහොත් පහසුවෙන්ම ආර්ථික අර්බුදය ජයගැනීමට හැකියාව තිබෙන බවද අබෙිවර්ධන මහතා කීය.
රටට නැවත නැගී සිටිය හැකි වාතාවරණයක් උදාකර ගැනීමට නම් බෙදී වෙන් නොවී, අසමගිය දුරලා එක්සත්ව වගකීමෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම වගකීමක් හා යුතුකමක් බවත් අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසකයින් මාස ගණන් හේතු රහිතව හිරකරන්න නම් හරි දක්ෂයි. හැකිනම් මහජනතාව අතරට එන්න කියන්න.
මොන විහිළුවක්ද? එයා මේ ජනතාවගෙන් කොන්වෙලා විසිවෙලා පාර්ලිමේන්තුවටවත් එන්න බැරිව, අනාථ වෙලා හිටියේ...
අනේ රට තවත් කන්නේ නැතිව වහාම ඡන්දයක් තියන්න කියන්න... එතකොට බලාගන්න පුළුවන් කවුද කොන් වෙන්නේ කියලා...
කොන් කරන්න, ඈත් කරන්න අවශ්‍ය නෑ. රට, රටේ නීතිය යටතේ මානව අයිතිවාසිකම්, යුතුකම්, වගකීම්, පිළිබඳ හැඟීමක් සියළු ජනතාවගෙන් ලැබෙනවා නම් ඇති. අධීක්ෂණ බලතල ආර්ථික අවපාතයක් ඇති නොවන පරිදි විරැකියාව අවම කර ගැනීමට අගමැති ප්රමුඛ කැබිනට් කමිටු සාර්ථකත්වයක් ලබා ගැනීම වැදගත්...
අහවල් දේකට කොන් කරනව කියලද?
ජනතාවත් ජනාධිපති කොන්කරන්නේ නැහැ එලවා දමන්න ක්‍රම හොයනවා අරගල කාරයින්ට දැන් හිතෙනවා ඇති ගෝඨ හොඳයි කියලා. දැන් ඉන්න ජනාධිපති කරන්නේ බෙදාගෙන කෑම. කැවුම බෙදපු වඳුරාගේ කතාව මතක් වෙනවා.