
(ආර්ය රත්න රණබාහු)
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති තවත් පිරිසකගේ ලේඛනයක් ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19)පැවසීය
පසුගියදා පාර්ලිමේන්තුවේදී තමා ඉදිරිපත් කළේ 2005 සිට 2024 දක්වා කාලය තුළ දේශපාලකයන් ලබා ගත් මුදල් පිළිබඳ ලේඛනයක් පමණක් යැයි කී ඇමතිවරයා ඊට කලින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරීයගේ කාලේදිත් මේ විදියට මුදල් අරගත් පිරිසක් සිටින බවද කීය.
එහි හිටපු පළාත් සභා ඇමතිවරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සභාපතිවරුත්මේ විදියටම එම අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති බවද සඳහන් කළේය.
මෙම අරමුදලේන් සාමාන්‍ය කෙනෙකුට රුපියල් ලක්ෂ පහක් දීමේදී එය ලබා දුන්නේ කොටස් වශයෙන් බව සඳහන් කළ ඇමතිවරයා. එහෙත් රුපියල් ලක්ෂ සීය යක මුදලක් දිතිබෙන්නේ කොටස් වශයෙන් නොවේ යයිද පැවසීය.
මෙය සැබවින්ම සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් බව සඳහන් කළ කැබිනට් ප්‍රකාශකවරයා බලය තමන්ගේ අත තියාගෙන ඔවුන්ම ලොකු හැන්දෙන්ම තමන්ටම බෙදාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවද අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ රජයේප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ දේවල් නම් රටට හෙළි කරන්න ඕනෑ. දුප්පත් මිනිස්සු ගද්දී මොන තරම් දුක් විඳිනවද?
හොදයි හොදයි පළාත් සභාවල කරපු ගසා කෑනුත් ඉක්මනින්ම ඉදිරිපත් නරන්න.
ඕවා ඔහොම දෙන්න අනුමත කරපු එවුන්ට, ඒවා සදාචාරකමක් නැතුව ගත්තු එවුන්ටයි දේව දඬුවම් ලැබේවි
අපිට ත්‍යාග දෙන බව පවසා සොච්චම් තෑගිදී සංවර්ධන ලොතරැයි ආදායමෙන් බිහිකල ජනාධිපති අරමුදලෙන් සල්ලි ඇදල තියෙන්නෙ දේශපාලන කම්බ හොරුන් නේ
මෙයාලා ඉතින් පඩි නැතිවනේ ජීවත් වෙන්නේ... කොච්චර හොඳද නේද? හැබැයි පක්‍ෂයේ අරමුදලට බැර කරන සල්ලි ගන්නේ DOUBLE එකේ.. කොහොම ද ඒක. මොවුන්ගේ ඇඟ පුරාම මොල..!
රාජිත අරලියගහ මන්දිරයේදී පැවැත්වූ විවාහ මන්ගල්‍යයට වියදම් කළේ රජයේ මුදල්දැයි සොයාබලා ඒවා අයකර ගැනීමට කටයුතු කරන්න. ඒවා ජනතාවගේ මුදල්.
මෙය කිසි ලෙසකින් වත් මේ ක්‍රියාව සාධාරණය කිරීමක් නොවේ
හදිසියකට ලක්ෂ ගානක් ණයවෙලා හදවත් සැත්කමක් කරපු මනුස්සයෙකුට අඩුම තරමේ ලක්ෂ දෙකක් තියා ලක්ෂයක් නෙමෙයි සත පහක් හරි ගන්න ගියොත් අයදුම් පතේ රටේ නැති ප්‍රශ්න අහලා සල්ලි දෙන එක කොහොම හරි මග හරින මේ අරමුදලෙන් හිතේ හැටියට සල්ලි බාගෙන මේ උන්දලා ගිහින් තියෙන්නේ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් වලට. මේ දෙසපලුවන්ගෙන් කවදාවත් අහලා තියෙනවද දන්නේ නැහැ තමන්ට තියෙන වත්කම් මොනවාද කියල වත්. අපේ පොඩි වත් කමක් පොඩි වාහන කට්ටක් තිබ්බත් අපිට මේ අරමුදලෙන් සත පහක් කැප නැහැ. මේ දෙසපාලුවන්ට මහා සාගරය වගේ තිබිලත් සල්ලි බාගන්න ප්‍රශ්නයක් තිබිලා නැහැ. කවුද මේවට අනුමැතිය දුන්නේ? මේක මහා අයුක්ති සහගත අසාධාරණ පාප කර්මයක්.
ඔබතුමා සෞඛ්‍ය ඇමැති හැටියට සුවසේවාවල අඩුපාඩු හොයා බලන්න කටයුතු කළොත් හොඳයි... මේවා ගැන හොයනවාට වඩා. අරමුදලේ සල්ලිගැන හොයන රාජකාරිය පොලිසියට බාර දෙන්න.
මේක ඇත්තටම සාධාරණයි. සියලුම විස්තර එකට ඉදිරිපත් කරන්න. 2005 -2020, 2010, 2015, 2015-2020, 2020-2024 විදිහට. 1. එම වර්ෂයන්හි මුදල් ලබා දුන් මුලු සංඛ්‍යාව. 2. ලබාදූන්මුලු මුදල. 3. දේශපාලකයින් ගණන. 4. ප්‍රතිශතයක් ලෙස දේශපාලකයින් ගණන. එතකොට සමාජයට නිවැරැදි වැටහීමක් ලබා ගන්න පුළුවන්...