IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


’’ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත් අය තවත් ඉන්නවා’’

(ආර්ය රත්න රණබාහු)

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති තවත් පිරිසකගේ ලේඛනයක් ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා  අද (19)පැවසීය

පසුගියදා පාර්ලිමේන්තුවේදී තමා  ඉදිරිපත් කළේ 2005 සිට 2024 දක්වා කාලය තුළ දේශපාලකයන් ලබා ගත් මුදල් පිළිබඳ ලේඛනයක් පමණක් යැයි කී ඇමතිවරයා ඊට කලින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරීයගේ  කාලේදිත් මේ විදියට මුදල් අරගත්  පිරිසක් සිටින බවද කීය.

එහි හිටපු පළාත් සභා ඇමතිවරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු  සභාපතිවරුත්මේ විදියටම  එම අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති බවද සඳහන් කළේය.

මෙම අරමුදලේන් සාමාන්‍ය කෙනෙකුට රුපියල් ලක්ෂ පහක් දීමේදී එය  ලබා දුන්නේ කොටස් වශයෙන් බව සඳහන් කළ ඇමතිවරයා. එහෙත් රුපියල් ලක්ෂ සීය යක මුදලක් දිතිබෙන්නේ කොටස් වශයෙන් නොවේ යයිද පැවසීය.

මෙය සැබවින්ම සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් බව සඳහන් කළ කැබිනට් ප්‍රකාශකවරයා බලය තමන්ගේ අත තියාගෙන ඔවුන්ම ලොකු හැන්දෙන්ම තමන්ටම බෙදාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන  බවද අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ රජයේප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.



අදහස් (11)

’’ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත් අය තවත් ඉන්නවා’’

manjula Thursday, 19 December 2024 04:47 PM

මේවගේ දේවල් නම් රටට හෙළි කරන්න ඕනෑ. දුප්පත් මිනිස්සු ගද්දී මොන තරම් දුක් විඳිනවද?

:       0       1

විපරමා Thursday, 19 December 2024 05:12 PM

හො‍දයි හොදයි පළාත් සභාවල කරපු ගසා කෑනුත් ඉක්මනින්ම ඉදිරිපත් නරන්න.

:       0       29

Perera Thursday, 19 December 2024 05:23 PM

ඕවා ඔහොම දෙන්න අනුමත කරපු එවුන්ට, ඒවා සදාචාරකමක් නැතුව ගත්තු එවුන්ටයි දේව දඬුවම් ලැබේවි

:       1       22

pjFriday, 20 December 2024 08:33 AM

දේව දඬුවම් ලැබෙන්න, ට්‍රාන්ස්පෝමර් ගිනිතියලා රටම අඳුරේ තබලා බලෙන් ගෙවල්වලට පැනලා තාත්තලාට වෙඩි තියලා අම්මලාගේ කන කර රත්තරන් හොරා කාපු නඩයක්ම තවමත් නිදැල්ලේ සිටින බව අමතක කරන්න එපා...

:       3       2

Rohana Thursday, 19 December 2024 05:44 PM

අපිට ත්‍යාග දෙන බව පවසා සොච්චම් තෑගිදී සංවර්ධන ලොතරැයි ආදායමෙන් බිහිකල ජනාධිපති අරමුදලෙන් සල්ලි ඇදල තියෙන්නෙ දේශපාලන කම්බ හොරුන් නේ

:       2       24

GAMA VARESE Thursday, 19 December 2024 07:46 PM

මෙයාලා ඉතින් පඩි නැතිවනේ ජීවත් වෙන්නේ... කොච්චර හොඳද නේද? හැබැයි පක්‍ෂයේ අරමුදලට බැර කරන සල්ලි ගන්නේ DOUBLE එකේ.. කොහොම ද ඒක. මොවුන්ගේ ඇඟ පුරාම මොල..!

:       0       2

Chandima Thursday, 19 December 2024 08:10 PM

රාජිත අරලියගහ මන්දිරයේදී පැවැත්වූ විවාහ මන්ගල්‍යයට වියදම් කළේ රජයේ මුදල්දැයි සොයාබලා ඒවා අයකර ගැනීමට කටයුතු කරන්න. ඒවා ජනතාවගේ මුදල්.

:       0       1

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 19 December 2024 08:44 PM

මෙය කිසි ලෙසකින් වත් මේ ක්‍රියාව සාධාරණය කිරීමක් නොවේ

:       0       0

ජනරළ Thursday, 19 December 2024 09:11 PM

හදිසියකට ලක්ෂ ගානක් ණයවෙලා හදවත් සැත්කමක් කරපු මනුස්සයෙකුට අඩුම තරමේ ලක්ෂ දෙකක් තියා ලක්ෂයක් නෙමෙයි සත පහක් හරි ගන්න ගියොත් අයදුම් පතේ රටේ නැති ප්‍රශ්න අහලා සල්ලි දෙන එක කොහොම හරි මග හරින මේ අරමුදලෙන් හිතේ හැටියට සල්ලි බාගෙන මේ උන්දලා ගිහින් තියෙන්නේ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් වලට. මේ දෙසපලුවන්ගෙන් කවදාවත් අහලා තියෙනවද දන්නේ නැහැ තමන්ට තියෙන වත්කම් මොනවාද කියල වත්. අපේ පොඩි වත් කමක් පොඩි වාහන කට්ටක් තිබ්බත් අපිට මේ අරමුදලෙන් සත පහක් කැප නැහැ. මේ දෙසපාලුවන්ට මහා සාගරය වගේ තිබිලත් සල්ලි බාගන්න ප්‍රශ්නයක් තිබිලා නැහැ. කවුද මේවට අනුමැතිය දුන්නේ? මේක මහා අයුක්ති සහගත අසාධාරණ පාප කර්මයක්.

:       0       0

Bunny Preena Friday, 20 December 2024 09:34 AM

ඔබතුමා සෞඛ්‍ය ඇමැති හැටියට සුවසේවාවල අඩුපාඩු හොයා බලන්න කටයුතු කළොත් හොඳයි... මේවා ගැන හොයනවාට වඩා. අරමුදලේ සල්ලිගැන හොයන රාජකාරිය පොලිසියට බාර දෙන්න.

:       1       3

මංගල Friday, 20 December 2024 02:28 PM

මේක ඇත්තටම සාධාරණයි. සියලුම විස්තර එකට ඉදිරිපත් කරන්න. 2005 -2020, 2010, 2015, 2015-2020, 2020-2024 විදිහට. 1. එම වර්ෂයන්හි මුදල් ලබා දුන් මුලු සංඛ්‍යාව. 2. ලබාදූන්මුලු මුදල. 3. දේශපාලකයින් ගණන. 4. ප්‍රතිශතයක් ලෙස දේශපාලකයින් ගණන. එතකොට සමාජයට නිවැරැදි වැටහීමක් ලබා ගන්න පුළුවන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 1035 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 300 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 115 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 1016 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 708 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 242 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site