IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනාධිපති අරමුදලේ ඩිජිටල් වැඩසටහනට සම්මාන දෙකක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අරමුදලේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ වැඩසටහන, කීර්තිමත් NBQSA (National Best Quality Software Awards) පරිගණක වැඩසටහන් සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් විය .

ඒ අනුව 2025 වසරේ පෙබරවාරි 07 වන දින සිට සාර්ථකව ක්‍රියාත්මක වන, ජනාධිපති අරමුදලේ පුරවැසි සේවාවන් විධිමත් කළ නව ඩිජිටල් පද්ධතිය වෙනුවෙන් පුරවැසි සේවා කාණ්ඩයේ ලෝකඩ සම්මානය (Bronze Award) සහ රාජ්‍ය අංශයේ විශිෂ්ටතම ඇගයීම් සම්මානය මෙහිදී හිමි විය. 

මෙම ද්විත්ව සම්මානය හිමිවීම මගින්, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මහජනතාවට කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් සේවාවක් සැපයීම සඳහා ජනාධිපති අරමුදල ගෙන ඇති පියවර ජාතික මට්ටමින් ඇගයීමට ලක්වී ඇත.

විශේෂයෙන් රාජ්‍ය අංශයේ විශිෂ්ටතම ඇගයීම් සම්මානය දිනා ගැනීම, අනෙකුත් රාජ්‍ය ආයතන වෙත ඩිජිටල්කරණයෙහි සාර්ථකත්වය සහ වැදගත්කම පිළිබඳව ආදර්ශයක් සපයයි. 



අදහස් (0)

ජනාධිපති අරමුදලේ ඩිජිටල් වැඩසටහනට සම්මාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site