(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) හදිසි නීතිය ප්‍රකාශයට පත්කරනු ඇති බවත් පාර්ලිමේන්තුවේදී ඒ සඳහා සහයෝගය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කොළඹ දී පැවැසීය.
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සහාය පළ කරන බවත් විපක්ෂයේ අනෙකුත් පක්ෂත් ඊට සහාය දෙනු ඇතැයි විශ්වාස කරන බවත් තිලංග සුමතිපාල මහතා කීය.
පුංචි බොරැල්ල තිලංග සුමතිපාල මහතාගේ නිවස පිහිටි පරිවර්තන කේන්ද්‍රයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකදී සුමතිපාල මහතා එම කරුණු සඳහන් කළේය.
“නැවත වරක් මම කනගාටුව ප්‍රකාශ කරනවා සියලු දෙනාටම. මේ ඛේදවාචකය නිසා අපි සියලු දෙනා සංවේගයට පත්වෙලා ඉන්නේ.
මියගිය අයගේ ආදාහන කටයුතු අද සිදුවෙනවා. ඒ නිසා අද ජාතික ශෝක දිනයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. හැම නිවසකම සුදු ධජයක් ඔසවා කනගාටුව, දුක ප්‍රකාශ කරන්න, දුක බෙදාගන්නැයි අපි ඉල්ලා සිටිනවා. එමෙන්ම එමගින් අපි ත්රස්තවාදයට විරුද්ධ රටක් බවත් පෙන්නුම් කරනවා.
බුද්ධි අංශ ඔවුන්ගේ වගකීම් ඉටු කර තිබෙනවා. එහෙත් අදාළ පියවර ගැනීමේ හිඩැසක් පවතින බව පෙනීයනවා. රටේ දැන් තිබෙන්නේ සාමාන්‍ය නීතිය. හදිසි නීතිය නැතිව බුද්ධි අංශවලට ලැබෙන තොරතුරු අනුව ක්‍රියාකරන්න බැහැ. හදිසි නීතිය ගෙන එන්න දැඩි යෝජනාවක් තිබුණා. ඒ නිසා ජනාධිපතිවරයා අපේ පක්ෂයේ ඉල්ලීමට කන්දෙමින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනවා. අපි විපක්ෂයේ පක්ෂයක් ලෙස ඒ සඳහා පාර්ලිමේන්තුවේදී සහාය දෙනවා.
විධායක ජනාධිපතිවරයාට තිබෙන බලතල භාවිත කරමින් ජනාධිපතිවරයා ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය පියවර ගන්න බව සිහිපත් කරන්න ඕනේ.
ජනමතයකට තුඩු දෙන කරුණු වෙනස් නොකළ යුතු බව අපි පැහැදිලිව කියා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මැතිවරණ ප්‍රචාරණ ප්‍රකාශයේත් අපි පැහැදිලිව සඳහන් කළා. අද විධායක ජනාධිපතිවරයකුගේ අවශ්‍යතාව හොඳින්ම පෙනී යනවා. ජනතාව එය පිළිගන්න තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි සැකය අපට තිබුණා. ඒ නිසා ජනාධිපතිවරයා තව පැය කිහිපයකින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරාවි.
මේ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර ත්‍රස්ත ප්රහාරයක දිගුවක් බවත් ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායමක්, විදෙස් රටක මූලධාර්මවාදී ආගමික කණ්ඩායමක් මේ පිටුපස සිටින බවත් දැනගන්නට ලැබී තිබෙනවා. බෝම්බ ප්‍රහාරවලට යොදාගෙන තිබෙන පුපුරණ ද්‍රව්‍ය එල්.ටී.ටී.ඊ. භාවිත නොකරපු විදියේ ඒවා.
විමර්ශන කටයුතු සඳහා අපි ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට ද බලාපොරොත්තු වෙනවා.
මේ දක්වා සිදුවීම් ගැන සොයා බැලීම සහ නිර්දේශ ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කරනවා.
ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනා විපතට පත්වූ අයට සහයෝගය ලබාදෙමින් දුක බෙදාගැනීම මුලින්ම කළ යුතුයි. දෙවැනුව රටතුළ සාමකාමී තත්ත්වයක් ඇති කළ යුතුයි. ත්රස්තවාදීන් ත්රස්තවාදීන් ලෙස හඳුනාගන්න ඕනේ. ජනතාවගේ සහයෝගය අවශ්‍යයයි.
ඊයේ පාන්දර ත්‍රස්තවාදියෙක් හඳුනාගෙන පොලිසිය දැනුවත් කරන්න ත්‍රී රෝද මහත්මයෙක් කටයුතු කර තිබුණා. ඒ නිසා මහජනතාවගේ සහයෝගය ඉතාම වටිනවා.
මේ ප්‍රහාරය සුළුවෙන් තකන්න බැහැ. මේ තත්ත්වය උග්‍ර අතට හැරුණොත් දීර්ඝකාලීන අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. රටක් ලෙස ආණ්ඩුව, විපක්ෂය, ආගමික නායකයන්, ප්‍රජා නායකයන් ඇතුළු සියලු පාර්ශව එකමුතු විය යුතු බව අපි සිහිපත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම මතයේ සිටිනවා”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කවුද මේ ප්‍රකාශ කරන්න..? වැරැද්ද කරපු අය හැංගිලා වගේ...
මේ කලබල අවස්ථාවේ මෙවන් ප්‍රකාශ කරන්න මෙයා කවුද? අඩුම ඡන්දයකින්වත් දිනලා ආපු කෙනෙක් නෙවෙයිනේ...
ආරක්ෂක තත්වයේ හිඩැසක් තිබිලා තියෙනවාලු ඉතින් ආරක්ෂක මණ්ඩලයේ හිටපු අය මොකද කරලා තියෙන්නේ.
ඇයි අරයගේ කටේ පිට්ටුද? වගකිවයුතු මූලිකම කෙනා කරන්න ඕනෑ ප්‍රකාශ මිනිස්සු පරද්දලා ගෙදර යවපු අය කරන්නේ ඇයි?
ඔබ කවුද මෙවැනි වෙලාවක ප්‍රකාශ නිකුත් කරන්න?
මෙයා මොනවද දොඩවන්නේ. හමුදාපතිතුමා කියන්නේ අද පැවති ආරක්ෂක මණ්ඩල සාකච්චාවේදී හදිසි නීතියේ අවශ්‍යතාව ගෙන ජනාධිපතිතුමා දැනුවත් කල බවත්, ඒ අනුව තමයි මේක සිදුවෙන්නේ. මෙයා නිකම් ලකුණු දාගන්න දඟලනවා.
බුද්ධි අංශ මේ පිළිබඳව වාර්තාව ආරක්ෂක ඇමතිකම දරන ජනාධිපතිතුමාට දීලා තිබෙන්නේ මේ මාසේ මුල ඔහුට මේ පිළිබඳව පියවරක් ගන්න ඕනේ තරම් කල් තිබුනා
මේ රටේ අශ්වයා පැන ගියාට පසු ගාලේ දොර වසනව වගේ කියලයි. මේ ප්‍රහාරය ගැන දැනගෙන මහජනයාට දැනුන් නොදුන් පාලකයෝ ගෙවල් බලා යවන එක තමා හොඳ.
මෙයා කව්ද කියලා අහන අය දන්නේ නැද්ද මෙයා ජනාධිපති එක්ක ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට පසුගිය අවුරුද්දේ ඉඳල වාඩිවෙන කෙනෙක් බව? රනිල්ටයි නියෝජ්‍ය ආරක්ෂක ඇමතිටයි තහනම් කරපු රැස්වීම්වලට ගිහින් මෙයාලා ගත්ත තීරණ දැන් වහන්න හදන්නේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම වෙනවා.
රට කාපු අය ගෙදර යවන්න තිබුණු වෙලාවේ ඡන්දෙ නොදී හැංගිලා පැනලා ගිහිල්ලා දැන් එනවා පොර ටෝක් දෙන්න. ලබන සැරේ ඡන්දය ඉල්ලන්න ආවොත් සිංහල මිනිස්සු බෝම්බ බැඳගෙන උඹලගේ ඇඟට පනින්න පුළුවන්. ඒ නිසා එන්න එපා මිනිස්සු අතරට ඡන්දෙ ඉල්ලන්න..
මහින්ද කොච්චර කිව්වද හදිසි නීතිය තියන්න කියලා. නමුත් ඉවත් කරන්න එපා කියලා, ඥානසාර හාමුදුරුවෝ කොච්චර කිව්වද ඔය මුස්ලිම් සංවිධානේ ගැන හොයන්න කියලා, බුදුපිළිම කැඩුවා, ඒවා ගැන හෙව්වේ නැහැ. හැබැයි හාමුදුරුවන්ව හිරේ දැම්මා, බුද්ධි අංශේ ක්‍රියාත්මක නිලධාරීන්ව දැම්මා හිරේ.. කැලේ කපලා පාකිස්තාන් කාරයින්ව පදිංචි කළා.. නැගෙනහිර ඔක්කොම හොරවැඩ කරනකල් සද්ද නැතුව හිටියා සහජීවනේ කියලා. අන්තිමට ගේ දොරකඩටම ඇවිත් මිනිස්සු සියගාණක් මරලා දැම්මා.. මැති ඇමැතිවරු රැකුණා.., අහිංසක ජනතාව මැරුණා.. දැන් මේ මෝඩ තීරණ නිසා වූ විපාක වලට මදිවෙන්නේ හමුදාවේ විරුවන්... වෙනරටක මේ වගේ විනයක් තියෙන දක්ෂ නිර්භීත හමුදාවක් තිබේ නම් ඔවුන් සදාකල් මේ හමුදාව රැකගන්නවා. එ්ත් අපි....?
මේ එකඑකා බෝලේ පස් කරනවා. අන්තිමට අහිංසක මිනිස්සු මේ කරුමයට කරගැහුවා.. අහිංසක මිනිස් ජීවිත 300ක් විතර අහිමි කිරීමට වගකිව යුත්තෝ කව්ද කියලා දැනගන්න මේ අහිංසකයන් වෙනුවෙන් අධිකරණයට ගියා නම් හරි. එතකොට වගකීම් පැහැර හැරියේ මොකද කියලා හරියට එළිවෙයි. මහජන මුදලින් නඩත්තු කරන මේ දේශපාලකයෝ සහ අදාල නිලධාරීන් ජනතාව දැනුවත් කරේ නෑ කියන එක අද මොන්ටිසෝරි ළමයෙකුට වුණත් තේරෙනවා.
මෙයාගේ මේ දේ වැඩක් නැහැ. මිනිස්සුන්ගේ යහපාලන බලාපොරොත්තුවට ගහපු දෙයක් මේ.
ආරක්ෂක මණ්ඩලයේ හිඩැසක් තිබුනලු.ඔබත් ආරක්ෂක මණ්ඩලයට සහභාගිවුන බවක් අහන්න ලැබුනා.හිඩැස පුරවන්න බැරිවුනාද? මෙයින් පේනවා බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා.
නොගැළපෙන කතා නවත්වන්න .කතා කළ යුත්තේ වගකීම් සගත පුද්ගලයෙකුයි.
මේයාත් ආරක්ෂක රැස්වීමේ සාමාජිකයෙක්
මේ කව්ද ? මොනවද කියන්නෙ ?
අපේ රටට දෙයියන්ගේම පිහිටයි.
හදිසි නීතිය දාන එක තව හිමින් කරන්න පුළුවන්නේ. තවමත් ජීවිත අහිමි වුනේ සුළු සංඛ්‍යාවක්. අහක ඉන්න අය නිකන් පනින්නේ ඇයිද කියලනම් තේරෙන්නේ නැහැ. මේ රටේ ඉන්නේ ඔක්කොම බදාගෙන කිසිම දෙයක් හරියට කරගන්න බැරි කට්ටියක්නේ. අන්තිමට ජනතාව දුක් විදිනවා .