IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනතාවට හදිසි මානුෂීය සහායක් අවශ්‍යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවට මානුෂීය සහාය අවශ්‍ය වී ඇති බවත් එම ජනතාවට හදිසි මානුෂීය සහායක් සහ මැදිහත් වීමක් නොලැබුණහොත් මිලියන 5.7 ක සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි. එය ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 26 බවත්  මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙයි.

රතු කුරුස සංවිධානය සිදුකළ සමීක්ෂණයක වාර්තාව ඇසුරෙන් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මේ බව ප්‍රකාශ කර ඇත .

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවයට, ජීවනෝපායන්ට සහ ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි එම වාර්තාව දැක්වේ.

ආර්ථික අර්බුදයෙන් ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් පවුල් වල අවශ්‍යතා ඉටු කරගැනීමට නොහැකි වන විට එම පවුල් වල කාන්තාවන් සහ ළමුන් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් නිර්මාණය විය හැකි බව එම සමීක්ෂණයට සහභාගී වූ පවුල් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්වාස කළ බව එම වාර්තාවේ සඳහන් වේ.

එසේම ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 85 ක ප්‍රමාණක් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ලබා ගන්නා ආහාර වේල් මග හැරීමට, ගන්නා අහාර ප්‍රමාණය අඩු කිරීමට සහ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් වැළකී සිටීමට පුරුදු වී ඇති බවත් දිළිඳුකම වැඩිවෙත්ම මන්දපෝෂණයද  ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම වාර්තාව උපුටා දක්වමින් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙයි.

එපමණක් නොව ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනයටද විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් තම දෙමාපියන්ට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් පාසැල් හැර යන ළමුන් ප්‍රමාණය ඉදිරියේදී ඉහළ යා හැකි බවත් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටළු මතු විය හැකි බවත් එම වාර්තාව උපුටා දක්වමින් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ එල්ල වී ඇති බලපෑම අනෙක් පවුල් වලට සාපේක්ෂව කාන්තා මූලික පවුල් සහ වතුකරයේ පවුල් වලට දැඩිව බලපා ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.



අදහස් (4)

ජනතාවට හදිසි මානුෂීය සහායක් අවශ්‍යයි

Prabha Friday, 04 November 2022 06:38 PM

බොරු කියන්න එපා. අපේ රටේ ඔහොම අහේනියක් නෑ.. ඔහොම බොරු කියලා පුළුවන් නම් රස්සාව නැතිකර ගන්න අර හම්බන්තොට දොස්තර මහත්තයා වගේ...

:       1       7

ranjith Friday, 04 November 2022 07:20 PM

අලි-පොහොට්ටු නායකයින්ට නම් රටේ ප්‍රශ්නයක් නෑ. මන්ද පෝෂණයක් නෑ. හොඳට කන්න බොන්න තියෙන රටක්නේ.. හොඳට තිබුණු රටක් මේ ගොන් පාලකයින් විනාශ කළ හැටි...

:       0       8

අබිලින් Saturday, 05 November 2022 06:28 AM

මේ කියන්නෙ රතුකුරුස සංඛ්‍යා නොව රජය විසින් රජයේ ආධාර ඉල්ලා සිටි ගණන කියලා හිතෙනවා එහෙම නැතුව රතුකුරුසය කල සමීක්ෂණයක් අහන්න ලැබුනෙ නැහැ ඒ පිරිස් ගැන කවුද ඇමතියෙක් කියලා තිබුනා මේ අතර ආදායම් බදු ගෙවීමට අවශ්‍ය අයත් ඉන්නවා කියලා කියන්න පුළුවන් මොකද ආධාර ඉල්ලූ අපේ නිවෙස් අසලත් එහෙම අය ඉන්නවා එනිසා මේක අමූලික බොරුවක් කියලා හිතෙනවා.

:       0       0

CHANDIMA Saturday, 05 November 2022 08:53 AM

වැඩක් නැහැ... ආධාර දෙන්න දෙන්න මේ ගොල්ලන් ඇමැතිලා පත්කර ගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site