(අංජුල මහික වීරරත්න)

ඖෂධ , ඉන්ධන  ආදී සෑම භාණ්ඩයකම මිල ඉහළ යද්දී රටේ ජනතාවට ආර්ථික යුද්ධයකට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

මෙරට කාන්තාවන්ට ලෝක කාන්තා දිනය සමරන්නට සිදුවූයේ කුස්සියේ යුද්ධයට මැදිව බැවින් මේ යුද්ධයෙන් ජය ගන්නට කාන්තාවන් මේ ආණ්ඩුවට එරෙහිව කොසු ඉදල් අමෝරාගෙන සටහනට පැමිණෙන දිනය වැඩි ඈතක නැතැයි ද විජයවර්ධන  මහතා පෙන්වා දුන්නේය.

ඩොලර් අර්බුදය හමුවේ භාණ්ඩ 367 ට ආනයන සීමා පැනවීමෙන් මිදී, ඇපල්, දොඩම් විකුණු පදික වෙළෙන්දාගේ සිට පනා, රේසර් විකුණු කඩහිමියා දක්වා පුද්ගලයන් රැසකගේ රැකියා අර්බුදයකට ලක්ව ඇතැයි ද විජයවර්ධන මහතා  සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පාක්ෂික හමුවකදී  නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය.