
(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය ඇතුළු රටේ මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පසුගියදා පැවති පෝෂණ වැඩසටහනකට එක් වෙමින් සාගල රත්නායක මහතා මෙි බව පැවසීය.
රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග පීඩිත පංතිය වැඩිවීමට පටන්ගත් නිසා දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීමට රජය මෙවන් වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙන බව සාගල රත්නායක මහතා පැවසීය.
ජනපතිගේ මගපෙන්වීමෙන් ආරම්භ කළ ආහාර සුරක්ෂිතා සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන මහගු ශක්තියක් බව කී සාගල රත්නායක මහතා පෞද්ගලික මට්ටමින් මෙවන් පෝෂණ වැඩසටහන් සංවිධානය කිරීම ද ඇගයීමට ලක් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මණින් මැතිවරණයක් පමණයි...!
තමුන්ට නම් ජනාධිපති ගැන බලාපොරොත්තු ඕනැතරම් ඇති. නමුත් අරගලයට පින්සිද්ද වෙන්න ආපු දියවන්නාවේ 134 දෙනාගේ ඕනෑකමට පත්කර ගත්තු පින් ජනාධිපතිගෙන් මුලුමහත් ජනතාවටම වැඩක් නැහැ.
ගෝඨාභයට අල්ලන් ඉන්නකන් ඔහොම කියයි. අපි බලමු ඔය කතා මැතිවරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. මෙච්චර කාලයක් රට කාලා තව මොන ආර්ථිකයක් ගැනද දන්නේ නැහැ මෙයා කියවන්නේ..?
අපිට ගජමෑන් මතක් වෙනවා.
අපි නොදන්නා සාගල- රනිල්.
ඒ ඔයා හිතන දේනේ... අපේ නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ එයා ගැන.
පෝෂණ වැඩසටහන් ජනාධිපති කරන්න ඕන දේවල්ද.?
ජනතාවගේ බලාපොරොත්තුව ජනාධිපති වෙන්නේ කොහොමද ඔය ජනාධිපතිට පාර්ලිමේන්තුවේ පඩියක් උඩ වත් වාඩිවෙන්න ජනතාව ඡන්දයක් දීලා නැතිකොට.?
ජනතාවගේ බලාපොරුත්තු ගැන කියන්න ඕගොල්ලෝ කවුද.?
මේ කියන්නේ අපේ පොල ගැනද.?
ඕගොල්ලෝ මේ රටෙන් යන එක තමයි රටේ ජනතාවගේ පැතුම.
අටවා ගත් ජනාධිපති කියන කරන හැම දේටම හරි කියන මේ වගේ ජනමතයක් නැති පුත්ගලයන් රටේ දුක්විදින මහා ජනතාවට කොකා පෙන්වනවා.
අහෝ ඛේදයකි
අපේ බලාපොරොත්තුව මහ මැතිවරණයක්.
ඔය බන වලට කී වතාවක් අගමැති කොලාද ? බොරු පුරසාරම් වලින් තවත් නයට ඇද දැම්මා මිස බලාපොරොත්තු උන දෑ සිදු උනාද , බොරු පොරොන්දු , දැන් ඇති , දන්නවාද තමන්ගේම පුරසාරම් අහස උසට දුර්ගන්ධය හමයි .
මගේ රටේ උගත් මිනිසුන්ගේ මේ පිස්සු වැඩ ගැන කියලා වැඩක් නැහැ.
ජනතාවගේ බලාපොරොත්තුව ජනාධිපති නොවෙයි එයා ගෙදර යැවීම.
මේ කියන කෙනාගේ මොලේ කොච්චර චූටිද කියලා පේනවා....
අපිට බත්පිඟානටයි, අරක්කු කාලටයි, පරිප්පු සහ සැමන් ටින් එකටයි රටක අනාගත ගැන තීරණය වෙන්නේ නැහැ කියලා සාගල තාම ඉගෙන ගෙන නැහැ වගේ....!
රට වැනිසීමේ බලාපොරොත්තුව රනිල්.
සාගල විහිළු කරනවා වගේ. තමුන්ගේ ආසනයෙනුත් පැරදිලා, පරණ පිනක් පෑදිලා පින් ජනපති කෙනෙක් වුණා. ජනතාවගේ එකම බලාපොරොත්තුව දූෂිත දේශපාලුවන් 225 ගෙදර යැවීම, මැතිවරණයක් පැවැත්වීම, මජර දේශපාලන ක්‍රමය වෙනස් කර යහපත් රටක් ඇතිකිරීමයි.
බල්ලාට අයිති වැඩය බූරුවන් විසින් කරන රටක්.....
සාගලට එහෙම වුනාට ජනතාවට නම් කිසිම වැඩකට නැති ජනාධිපතිවරයෙක්.