(අංජුල මහික වීරරත්න)
රටේ ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවකදී සියලු වාද භේද දුරලා ජනතාව බේරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සෑම විටම කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (18)පැවසීය.
එම දැක්ම මත සිට දැනුමෙන් සහ පළපුරුද්දෙන් පොහොසත් නායකයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී රට මුහුණ දී තිබෙන වත්මන් තත්වය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බව ද අබේවර්ධන මහතා සඳහන් කළේය.
රටේ ජාතික ව්‍යසනයක් තිබෙන ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවී ඇති අවස්ථාවක රටේ නායකයා හමුවී මහජනයා ආරක්ෂා කර ගැනීම සඳහා දැනුම සහ පළපුරුද්ද දීමට ක්‍රියා කිරීම ඉතා වැදගත් තීරණයක් බව ද අබේවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳටම විශ්වාසයි නේද රනිල් ගැන? කොහොමද ගෝඨාභය එයාට අගමැතිකම දුන්නොත් එහෙම..?.
අපොයි ඔව්. 88,89 කාලෙත් ජනතාව රැකගත් හැටි අපිට තාම මතකයි.
අපිට නම් බේරෙන්න වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ගෙන් තමයි...
අපි බේරගන්න, අනේ කොල්ලෝ උඹලා අවුරුදු 72ක් තිස්සේ නුඹලා අපිව බේරගත්තා නම් අද අපි මෙහෙම ඉන්නේ නැහැ..
හා ඒ පාර ඔයාලාට කොකාගේ කරුණාව පහළ වුණාද?
අැවන් ගාඩ් එකත් එක්ක එකතු වෙලා ද බේර ගන්නේ මහත්තයෝ..?
පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ ඔක්කෝගෙන්ම ජනතාව බේරිය යුතු කාලය පැමිණ ඇත.
කටින් විතරක් කියවලා වැඩක් නැහැ. ක්‍රියාවෙනුත් පෙන්නන්න.
එක්සත් ජාතික පක්ෂය නුඹලාගෙන් බේරගන්නේ කොහොමද කියලයි අපි බලන්නේ...! තවත් ලැජ්ජා නැතුව බයිලා ගහනවනේ...!!!
ඔයත් හොඳටම කළා. පාස්පෝර්ට් එකත් හදලා දුන්නා... දැන්වත් පව් නොදී යන්න...
පුළුවන් නම් හදන්නකෝ... දේශීය වැඩපිළිවෙළක් රට ගොඩගන්න... බොරදියේ මාලු බාන්න එපා..
තමුන්ගේ නීච ක්‍රියා කලාපය නිසා නේද දිල්රුක්ෂි මහත්මිය කරදරේක වැටුනේ... ඔය වගේ අය නිසා තමයි UNP එක බිංදුවට බැස්සේ...
නොදකින් විතරක්... !!!
මට කියන්න දෙයක් ඉතිරිකරලා නැහැ.
අම්මේ අපි දන්නවා. අපි හින්දනේ මේ දහදුක් විඳින්නේ. කන්න කෑමක්, යන්න වාහනයක්, ඇඟට වස්ත්‍රයක් නැතිව මොන දුකක්ද මේ ඔබතුමාලා විඳින්නේ...?
අපි දැක්ක 2004 කලේ ජනතාව බේර ගන්න ගහපු ගිවිසුම් ගැන, 2018 ජනතාව පාස්කු ප්‍රහාරයෙන් බේරා ගන්න කරපු දේවල්. හරිම ප්‍රසංශනීයයි කියලා වැඩක් නැහැ.