(නිමල කොඩිතුවක්කු)

යහපාලන ආණ්ඩුව තිබුනේ  නම් අද ඉන්ධන මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

වෙළෙඳපොලේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවත් බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත බැස ඇතැයිද රණවක මහතා කීවේය.

ආණ්ඩුව ඉන්ධනවලට පනවා ඇති  සහගහන බදු හරහා ජනතාව පත් කර ඇති පීඩනය මින් අවබෝධ කර ගත හැකි බවත් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මහජනතාව පෝලිම් වල දුක් විදිද්දී  පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට රජය උපයා ගන්නා බවත් හෙතෙම කීවේය.

ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද රටේ ජනතාව වන්දි ගෙවන්න සිද්ධ වී ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.