IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනතාව දැනුවත් කරන්න සුව ඇමැති පා ගමනේ

(අංජුල මහික වීරරත්න)

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින්  ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ  සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව  සංවිධානය කළ  “ප්‍රජා සුව දැක්ම - 2025”  පා ගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය අද පෙරවරුවේ (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රෝහල් පරිශ්‍ර වල කොතරම් යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය කළ ද  සෞඛ්‍ය සේවාවේ ඉලක්ක ජයගත හැකි සීමාවන් පවතින බැවින් වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ ජනතාව රෝහල්  ගතවීම අවම කිරීමටත්,  රෝග ව්‍යාප්තිය වලක්වාලීමටත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සෞඛ්‍ය සේවාවේ සියළුම අංශ මෙහෙයවනු ලබන්නේ රෝග නිවාරණය සහ  රෝහල්  ගතවීම අවම කිරීම සඳහා බව අවධාරණය කළ අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය ට මෙරට ජනතාව සමග  එක්ව සිදු කිරීමට බැරෑරුම් කටයුත්තක් තිබෙන බව ද පැවසීය.

එම කටයුත්ත දිනකින් දෙකකින් අවසන් වන කාර්යක් නොවන බවත්, ඒ සදහා යම් කාලයක්, අඛණ්ඩව අභියෝගයන් ට මුහුණ දෙමින් ධෛර්ය සම්පන්නව කළ යුතු කාර්යක් මෙන් ම මෙරට සියළු දෙනාම නිසි අවබෝධයෙන් තමන්ගේ වගකීම ඉටුකළ යුතු කාර්යක් බවද පැවසූ  අමාත්‍යවරයා එය කළහොත් ප්‍රතිකාර අංශයට එයින් සහනයක් ලැබෙන බව ද අවධාරණය කර සිටියේ ය.

නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කළ පාගමන විහාර මහාදේවී උද්‍යානය දක්වා ගමන් කෙරුණු අතර එම පරිශ්‍රයේ දී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය ආරම්භ විය.



අදහස් (0)

ජනතාව දැනුවත් කරන්න සුව ඇමැති පා ගමනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site