
(අංජුල මහික වීරරත්න)
ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
ජනාධිපතිවරයා පත්වුණේ තවත් එක් ජනාධිපතිවරණයකින් නොවන බව තේරුම්ගත යුතුව ඇතැයි කී අග්‍රාමාත්‍යවරිය පැවැති රජයකට එරෙහිව පැවැති අරගලයකින් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයක දී බහුතර ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා පත් වී තිබෙන බව සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවෙි අග්‍රාමාත්‍ය කර්යාලයීය නිලධාරීන් සමඟ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්‍යලයේ පැවති සාකච්ඡාවක දී ය.
ජනතාව තමන්ගේ තීරණය ප්‍රකාශ කළේ පසුගිය වසරවල ලැබුණු අත්දැකීම් හා දුටු දේවල් අනුව බව කී අග්‍රාමාත්‍යවරිය මෙවර පැවැත්වුණු මැතිවරණය පක්ෂවලින් මෙහෙය වූ මැතිවරණයකටත් වඩා ජනතාව විසින් මෙහෙය වු මැතිවරණයක් බව සඳහන් කළාය.
දේශපාලකයා කෙරෙහි අහිමි වී තිබෙන ජනතාව විශ්වාසය නවත ගොඩනගා ගැනීම යුතු කමක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඉන්දියාවේ තෙලන්ගාන සහ තමිල්නාඩු ප්‍රාන්තයේ ක්‍රියාත්මක වෙන ආකාරයට රජ්‍ය සේවකයින්ගේ මේසය මතට එන අයදුම්පත්‍ර අංක පිළිවෙලට සමීක්ෂණයට ලක් කරන ලෙසත් , විවිධ අයැදුම් පත්‍ර සහ ලිපිගොනු සමීක්ෂණයට එයට ගැලපෙන උපරිම කාලසීමාවක් ලබාදෙන ලෙසත්, එම කාලසීමාව තුළ අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් හේතු දක්වා, අයදුම්කරුට සහ තම ඉහළ නිලධාරියට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, කාර්යක්ෂමව ඉක්මණින් වැඩකරන රජ්‍ය නිලධාරින්ට කුසලතා ලකුණු ලැබෙන ක්‍රමයක් සකස් කර ඉදිරියේදී උසස්වීම් සහ වැටුප් වැඩිවීම් දෙනකොට මේවා සැලකිල්ලට ගන්නා ලෙසත්, දිගින් දිගටම අසාර්ථක වන සහ විවිධ දූෂණ වංචා කරන්න නිලධාරීන්ට අක්ෂලතා ලකුණු ලබාදී සේවයෙන් පහ කිරීමට කටයුතු කරන ලෙසත් මම යෝජනා කරනවා...