
(තිලකරත්න දිසානායක)
"නිර්පාක්ෂික නිරායුධ අරගලය ජනතා විප්ලවයක් කරා " යන්න තේමා කරගනිමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගේ සහභාගිත්වයෙන් යක්කල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
වත්මන් රජය විසින් ජනතාව පෙළීමට එරෙහිව මෙවන් උද්ඝෝෂණ පවත්වනු ලබන බව මෙහිදී සදහන් කළ ෆොන්සේකා මහතා , ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම සහ ජනතාවට සාධාරණය ඉෂ්ඨවනු දැකීම තම අරමුණ බවද කීය.
තමන් ඉටුකරමින් සිටින්නේ සාම්ප්‍රදායක දේශපාලනයෙන් බැහැරව , ජනතාවට නිවැරදි දේ අවබෝධ කර දෙමින් රටේ පවතින දූෂිත දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම පිනිස පෙළ ගැස්වීමේ උත්සාහයක් බවත් මෙය දේශපාලන පක්ෂයක් නොව ජනතාව නිවැරදි තැනට ගෙන යාම සඳහා කටයුතු කිරීම සිය අරමුණ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකා වැනි දේශපාලනයේ තොත්ත බබාලගේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බලයට පැමණි රනිල් මහතා ඔවුන් විසින් ඉල්ලා සිටි පරිදි IMF ගොස් දැන් ඒ අනුව ජනතාව මත බර පටවමින් සිටියි. එම නිසා මෙතැන රැස්වී සිටින අඳ බාලයින් විසින් කළ යුත්තේ මෙවැනි විරෝධතා තමන්ගේ නිවෙස්වල කණ්ණාඩි ඉදිරිපිටට වී සිදු කිරීමයි...
හිටපු ආමි කමාන්ඩර් පවු... !