(අංජුල මහික වීරරත්න)
හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙසත් ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීම නතර කරන ලෙසටත් රජයට නිර්දේශ කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.
මානව හිමිකම් කොමිෂන් සභාවෙි සභාපතිනී විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙසේද සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඇතිවෙමින් තිබෙන උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර පසුව ඇඳිරිනීතිය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 03 වැනි ව්‍යවස්ථාව අනුව පාලන බලතල ඇතුළු ශ්‍රී ලංකා ජනරජයේ පරිමාධිපත්‍ය ජනතාව සතු වන අතර එය අත්හළ නොහැක්කේය. 04 වැනි ව්‍යවස්ථාව අනුව රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනාධිපති වරයා විසින් ක්‍රියාත්මක කළ යුතුය. එනම් ජනාධිපතිට පවරා ඇත්තේ මහජනයා සතු පරමාධිපත්‍ය බලය වන බැවින් ජනාධිපතිවරයා සෑම අවස්ථාවන්හිදීම මහජනතාවට වගවිය යුතුය.
ජනතාව සතු පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නංවන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කිරීමට මෙන්ම වැරදි ක්‍රියාකලාප විවේචනය කිරීමටත්, සමකාමීව විරෝධය පළ කිරීමටත් මහජනතාවට අයිතියක් ඇති අතර එය නතර කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම ජනතා පරමාධිපත්‍යට කරන බලපෑමක් බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විශ්වාසයයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ජනතා පරමාධිපත්‍යට කරන බලපෑම් නතර කරන්න‘