(අංජුල මහික වීරරත්න)

ලෝකයේ ජනගහණ අනුපාතය සමග සසඳා බලන විට ලංකාව අද ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ පළවෙනි තැන යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (10) පැවසීය.

මෙවැනි අධි අවදානම් මොහොතක රටක් විවෘත කර තබාගෙන මිනිස්සුන් මරන්න ආණ්ඩුවට තියෙන අයිතිය කුමක්දැයි වජිර අබේවර්ධන මහතා එහිදී ප්‍රශ්න කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වජිර අබේවර්ධන මහතා කීවෙි මෙම සාපයෙන් බේරෙන්න දැන්වත් නිවැරදි වෙන්නැයි රජයට අවධාරණය කරන බවයි.