IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජොනීගේ තවත් රථයක් පන්නිපිටියෙන් මතුවේ?

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට සැක කරන ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයක් කොට්ටාව පන්නිපිටිය ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

හිටපු අමාත්‍යවරයාගේ රියදුරකු විසින් ඉකුත් පෙබරවාරි මාසයේදී මෙම මෝටර් රථය ගරාජයට රැගෙන වීත් තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී එහි ලියාපදිංචි අංක තහඩු නොතිබූ බව ගරාජ් හිමියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

එම මෝටර් රථයේ මේ වන විට කොට්ටාව පොලිස් භාරයේ නඩු භාණ්ඩයක් වශයෙන් ලේඛනගත කර ඇත.

 



අදහස් (9)

ජොනීගේ තවත් රථයක් පන්නිපිටියෙන් මතුවේ?

ලංකාපුත්‍ර Saturday, 02 November 2024 07:26 AM

අහවලාට අයත් බව සැකකෙරෙන වාහනයක් කියන්නේ ඒක ලියාපදිංචි කරලා නැද්ද?. ලියාපදිංචි කරල තියෙනවා නම් ලියාපදිංචි අයිතිකරු කවුද කියන්න ලිඛිත සාක්ෂි තියෙද්දී බයවෙන්නේ ඇයි සැක සහිතයි කියලා වාර්තා ලියල පීචං වෙන්න එපා 2. ඇත්තටම විදේශ විනිමය වියදම් කරලා රටට ගෙනැවිත් පාවිච්චියට නොගෙන මෙහෙම මහමග තැනින්තැන දමා යනවා කියන්නේ රටේ සංවර්ධනය අඩාල කිරීමක් වගේම ජනතා මුදල් නාස්තියක් නොවෙයි කාබාසිනියා කිරීමක් කියලා කියන්න පුළුවන්...

:       2       46

Perera Saturday, 02 November 2024 08:23 AM

ජනතාවට කන්න බොන්න දීලා තමන්ගේ වැඩේ කරගත්තු ජනතා හිතෛෂී නායකයාට ඇයි මෙහෙම කරන්නේ...?

:       21       19

KumarSaturday, 02 November 2024 08:59 PM

කාලා බීලා අහක බලාගෙන ඉන්න නිසා තමයි ලංකාව මේ තත්වයට බැහැලා තියෙන්නේ. ඇමෙරිකාවේ මෙවැනි වැඩවලට කිසිම නිදහසක් නෑ.

:       0       2

Lalla Saturday, 02 November 2024 10:05 AM

ඇමැති මන්ත්‍රී බහුතරය රථ ගායෙන් පෙලෙමින් ඉඳලා තියෙනවා නේද? ඔය ලෙඩ්ඩුන්ට නැවත ඡන්ද නොදෙන්න ඡන්ද දායකයෝ පියවර ගත යුතුයි.

:       1       61

Dammika Saturday, 02 November 2024 03:41 PM

මේවගේ දෙකයි පනහෙ දේවල් නොකර අර පැය 24න් ඇතුළට දානවා කියපු දේවල්ටික කරලා පෙන්නන්නකෝ...!

:       3       7

KumarSaturday, 02 November 2024 09:04 PM

ඇමෙරිකාවේ ඔයවගේ වාහන විනාශ කර දමනවා. ලංකාවේ එවැනි දෙයක් කරන්න ලොක්කන්ගේ කොන්ද පණ නැහැ.

:       0       0

සෙනෙවිරත්න Sunday, 03 November 2024 02:05 PM

එතකොට මේවා කමක් නැද්ද? මොකද හදිස්සි රජය පිහිටුවලා පිළිවෙලක් වෙනතුරු ඉන්නකෝ. ඔයා ඡන්දෙ දීපු අයට කියන්න හදිසි නම්, ඒ අය බලයට පත්වුණා නම් අපට බලන්න තිබුණා රටට වෙනදේ...

:       1       0

de silva Saturday, 02 November 2024 04:46 PM

මේවා මෙහෙ එකලස් කලා කියන්නේ බොරු කතා, කෙලින්ම වාහන ගෙඩිය පිටින්ම ගෙනත් තියෙනවා. වරාය බාර ඇමැතිගේ ආශීර්වාදය ඇතිව රේගුවේ අනුදැනුම ඇතිව ගෙනාපුවා. ඔය දැන් ගලවලා දමලා තිබුණාට හොරට ගහගෙන දුවන්න හොර නොම්මර තහඩු බොහෝමයක් තිබිලා තිබෙනවා. සමහර වාහන මෙහෙම ගෙනත් ඒවාට හොර පොත් හදලා රෙජිස්ටර් කරලා පාරේ දුවනවා... ඒවා අල්ලන්න බැහැ. ජෝනියලා පමණක් නොවේ පක්ෂ විපක්ෂ දේශපාලුවෝ බොහෝදෙනෙක් මේ වැඩේ කරලා තිබෙනවා. ජෝනියලා මේවා තොග වශයෙන් ගෙනත් ප්‍රසිද්ධියේ හොර ගැණුන්ටත් බෙදුව නිසා තමා ඉක්මණට මාට්ටු වුනේ..., හොර ගැහැණු ඉරිසියාවට අනිත් හොර ගෑණි ළඟ තිබෙන හොර වාහන ගැන විස්තර ආරක්ෂක අංශ වලට දෙනවා..

:       0       10

de silva Sunday, 03 November 2024 01:49 PM

රටේ එකවර හිටපු ගමන් STF පොලිස් රෝඩ් බ්ලොක් දමලා, එතැනින් යන ප්‍රාඩෝ, පැජරෝ V8 වැනි වාහන පමණක් නවත්වලා, ලයිසන්, ඉන්සුවරන්ස් චෙක් කරලා මේ අංකය මේ වාහනයට අයත්ද කියන විස්තර සිස්ටම් එක හරහා චෙක් කරලා බැලුවා නම් විශාල හොර වාහන තොගයක් අල්ලාගන්න පුළුවන්, මට වැටහෙන විදිහට ඔය පාරේ යන ප්‍රාඩෝ, පැජරෝ වලින් 5%-10% අතර ප්‍රමාණයක් හොර වාහන...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site