
(ටී.කේ.ජී.කපිල )
මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීම මත ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනය නිකුත් කර තිබියදී , ඩුබායි රාජ්‍යයේ දී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට පත් වී සිටීමෙන් පසුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් එරටට ගොස් , භාර ගෙන අද (07 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
මොවුන් අතරින් එක් සැකකරුවෙකු මාකන්ද , ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි. .මොහු ඉකුත් 2024 වසරේ 01/22 දින බෙලිඅත්ත පොලිස් වසමේ , බෙලිඅත්ත - වලස්මුල්ල මාර්ගයේ , ඩිපෙන්ඩර් රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකුට , කහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් මොහුට , විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි .
අනෙක් සැකකරු කොළඹ , කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.
මොහු මනුෂ්‍ය ඝාතන කීපයක් මෙන්ම නිවෙස් වලට පහර දී දේපළ වලට අනර්ථයන් සිදු කර , කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු ලබා ඇති පුද්ගලයෙකි .
මෙම කණ්ඩායමේ රැගෙන ආ තුන් වන සැකකරු දෙන්කන්දලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.
මොහු අකුරැස්ස , මාවරල සහ ඌරුබොක්ක පොලිස් වසම් තුළ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සිදු කර , එම අධිකරණ මගින් විවෘත වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකි . මොවුන් අද (07) දහවල් 11.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
මෙම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී , නීතීඥ , බුද්ධික මනතුංග මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ශ්‍රී ලංකාව තුළ තවත් මෙවැනි අපරාධ සිදු කර , විදේශ රටවල් වෙත පළා ගොස් ඇති පුද්ගලයන් 65 දෙනෙකු වෙත ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මුණ වහන් යන්නේ?
උපාධිය ගේන්න ජපන් ගිය රංවලතුමා තාම කටුනායකට ආවේ නැතෙයි?
කරෝලිස්ට ඇත්තේ වෙනත් ගැටලළුවකි. රටේ වන සාධනීය යහපත් දේ දෙස බැලීමට ඇති අපහසුතාවයයි.. එය යනු කුහක කම මිස වෙන කුමක්ද? අපරාධකරුවන් සුරතල් කළ පාලකයින්ට කඩේ ගිය සට්ටැඹියන්ට කළ හැක්කේ අපහාසය පමණි...
ලඟට අර්ජූන්.