ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය රැගෙන ගිය බව කියන විදේශ ධීවර යාත්‍රාවක් සමග හත් දෙනකු අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි.
ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් කොළඹ වරාය වෙත රැගෙන එමින් සිටින බව ද නාවික හමුදාව පවසයි.
තවත් නොබෝ වේලාවකින් කොළඹ වරාය වෙත සේන්දු විමට නියමිතව ඇති අතර මත්ද්‍රව්‍ය සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ පුරාවටම අල්ලන මත්කුඩුවලට මොකද වෙන්නේ? කෝටි ගණන් වටිනවා නම් බහිරවයා ගිලිනවද කියලා කවුද දන්නේ?