(මනෝජ් හර්ෂික)
ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය ශිෂ්‍යයා සමත්වී ඇත.
මෙම තරඟය ජපානයේ සගමිහාරා නුවර,කනගාවා හිදී පසුගිය 23 සහ 24 යන දෙදින තුළදී 15 වන වරටත් පැවැත්විණි.
මෙම තරඟය සඳහා ආසියා ශාන්තිකර කලාපීයේ රටවල් රැසක තරඟකරුවන් විශාල පිරිසක් සහභාගී වූ බවත් ඒ අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වීම විශාල ජයග්‍රහණයක් බවත් ආතර් සී.ක්ලාක් ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ විද්‍යාව නංවාලීම අරමුණු කරගෙන ආතර් සී ක්ලාක් ආයතනය මීට වසර 14 කට පෙර ජල රොකට් හා සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට හදුන්වාදී තිබුණි.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් ජලරොකට් නිර්මාණ තරඟ සඳහා ඉදිරිපත් වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති බවද ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා කියයි.
ඒ අනුව 2017 වසරේ දී ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයෙන්ද, 2018 වසරේදීද, 2019 වසරේ ජපානයේ පැවති තරඟයෙන් ද වශයෙන් පිටපිට තෙවරක්ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකීක දරුදැරියන් සමත්වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ඩී.කේ.ඒ.ඩී චතුරංග , රූමානා රියසත්,යු.ජී දිදුල ආදිත්‍ය,බී.එම්.සචින්ත යශෝමාල්.කේ.ඩබ්.එස්.ජේ.බී කරදගොල්ල සහ ජවිරු පසන්ජිත් යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කුමුදු කරවිට ගුරු මහත්මිය ආතර් සී ක්ලාක් ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ඉන්ජිනේරු සනත් පනාවැන්නගේ මහතා ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා යන අය මෙම ඡායාරූපයේ පෙනී සිටිති.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබ පැතුම් ඔබටයි දරුවනි! තව තවත් හොඳින් ඉගෙනගන්න, ජයෙන් ජයම ලබන්න,
සුපිරී... ආඩම්බරයි!
ලක් අම්මාගේ දරුවනේ නුබලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!! ලක් අම්මාව සැමවිටම සතුටින් සිටීමට ඔබලාට අනාගතේදී තව තවත් අවස්ථා ලැබේවා !!!!
සුබ පැතුම් ආදරණිය දරු දැරියනි. මේ ජයග්රහණයෙන් උදම් වන්න එපා. මීටත් වඩා උද්යෝගයෙන් 2020 වසරේ අභියෝගය සඳහා හෙට සිටම ලැහැස්ති වන්න. මේ අපේ රට දුප්පත්, ඇත්තටම දුප්පත් නැහැ 1948 සිට රට පාලනය කරපු අය විසින් අවුරුදු 70 පුරාවටම රටේ ධනය කොල්ල කාපු නිසා දුප්පත් වෙලා. පහසුකම් අඩුයි. නමුත් ශ්‍රී ලංකික දරු දැරියන්ට පුදුම උපදවන බුද්ධියක් ,වටහා ගැනීමේ ශක්තියක් තියෙනවා. මම චුටි උදාහරණයක් කියන්නම්. 1983,පස්සේ, 1989-90 කාලවල ලංකාවේ දෙමල,සිංහල අය ගොඩක් ප්‍රංශයට ආවා. නමුත් ඒ අයට ප්‍රංශ භාෂාව කතා කරන්න අපහසු වුනා. ලංකාවේ ඉගෙන ගත්තේ ඉංග්‍රීසිනේ. ඇත්තටම ප්‍රංශ භාෂාව ඉංග්‍රීසි වලට වඩා අමාරුයි. මම කියපු ප්‍රංශයට ආව දෙමව්පියන් බොහොම මහන්සියෙන් සුළු රැකියාවන් හොයාගෙන කැඩිච්ච ප්‍රංශ කතා කර කර තමන්ගේ දරුවන්ට හොඳට ඉගැන්නුවා. සිංහල, දෙමල දෙගොල්ලොම. ඒ දරුවෝ පිස්සු නැටුවේ නැහැ. හොඳට ඉගෙන ගත්තා. හරිම ආඩම්බරයි.. අද ප්‍රංශයේ බැංකුවල කළමනාකාරවරුන්/වරියන් ,දොස්තර නෝනලා /මහත්වරුන්,ඉංජිනේරුවන් ,ගණකාධිකාරීවරුන්, අවුරුදු 23 වැනි අඩු වයසකදී ජිව - රසායන විද්‍යාවෙන් ආචාර්ය උපාධිය කරපු ශ්‍රී ලංකික දුවෙක් ගැන මම දන්නවා.
විජිත්, ඔබ තුමා කියන කතාව හරියටම හරි. ඔය වගේම හැම රටකටම ගිය පවුල්වල බොහොමයක් ළමයි හොඳට ඉන්නවලු. එම ළමයින්ට ලංකාවට ඇවිත් යම්කිසි සේවයක් කිරීමට අවස්ථාව දිය යුතුය. එම දෙමව්පියන් කියන්නේ ළමයි එවන්නට බයයි කියලා ආරක්ෂාවක් නැතිව. වගකීමක් ඇති පිරිසක් සමග සම්බන්ධ කළහොත් එම දරුවන්ගෙන් යම් කිසි සේවයක් ලබා ගන්නට පුළුවන්. මෙම කරුණ ගැන ගෝඨාභය මහතා සිතිය යුතුය.
බැලුවේ මේක රෝහිතගේද කියලා........
ලෝකයේ කොන්වූ ගෝලීය සුලුතරය අතර යුදෙව්වන් සහ ලාංකිකයන් තාක්ෂණ විෂය සඳහා දස්කම් දක්වනවා...