
(යොහාන් භාසුර)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ මුද්‍රණය නොකළ ජාතික හැදුනුම්පත් අයදුම්පත් ලක්‍ෂ 15 ක් පමණ වසර කීපයක සිට ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ජාතික හැදුනුම්පත් ලක්‍ෂ 15 ක සංඛ්‍යාවට 2006 වසරේ සිට 2010 වසර දක්වා වසර 5 තුළ උපත ලැබූ පාසල් දරුවන්ගේ හැදුනුම්පත් ඇතුළත්ව ඇති බවත් මෙම අයදුම්පත් වෙනුවෙන් ලිපියක් පමණක් අයදුම්කරුවන්ට යොමුකර ඇති බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසීය.
වසරකට පාසල් දරුවන් ලක්‍ෂ 3 ක් පමණ ජාතික හැදුනුම්පත් ගැනීමට අයදුම් කරන බවත් 2005 වසරේ උපත ලැබූ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මේ වන විට මුද්‍රණය අවසන් අදියරේ පවතින බවත් ඔහු කීය.
2006 වසරේ උපත ලැබූ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මුද්‍රණය හැකි ඉක්මණින් ආරම්භ කරන බව කී එම නිලධාරියා මෙම වසර අවසන් වීමට පෙර 2006 වසරේ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මුද්‍රණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව තුළ වසර ගණනාවක සිට ගොඩගැසී තිබූ වැඩිහිටියන්ගේ හැදුනුම්පත් ලක්‍ෂ 3 කට අධික සංඛ්‍යාවක් මේ වන විට මුද්‍රණය අවසන් වෙමින් පවතින බව කී එම නිලධාරියා එම හැදුනුම්පත් තැපෑලට යොමුකිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිට වසර කීපයක ජාතික හැදුනුම්පත් මුද්‍රණය කිරීම ඇනහිට තිබූ බවත් වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව මාස කීපයක් ගතවන තෙක් ඒ සඳහා නිවැරදි විසඳුමක් නොදීම හේතුවෙන් හැදුනුම්පත් ලක්‍ෂ 15 ක් දක්වා ගොඩ ඉහළ ගිය බවත් වාර්තා වේ.
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණෙන විට හැදුනුම්පත් මුද්‍රණ යන්ත්‍රය සහ ලිපින මුද්‍රණය කරන යන්ත්‍ර දෝෂවලට ලක්ව තිබූ බව කියන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවකයෝ ආණ්ඩුව එම යන්ත්‍ර යථාතත්වයට පත්කිරීමට අවශ්‍ය අමතර කොටස් සම්බන්ධයෙන් ප්‍රායෝගික ආකාරයට කටයුතු නොකළ බව ද සඳහන් කළහ.
එම ගැටලුවට පිළියමක් ලෙස ලියුම්කවරවල ලිපිනයන් අත්අකුරෙන් ලියන ලෙස යෝජනා කළ බවත් එය ප්‍රායෝගික නොවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ සේවකයන් එයට එකඟ නොවූ බවත් ඔවුහු පැවසූහ.
මෙම තත්වය යටතේ මෙරට පුරවැසියන් දැඩි අපහසුතාවට පත්ව සිටින්නේ යැයි ජාතික හැදුනුම්පත මුද්‍රණය කරදෙන ලෙස ඉල්ලා දිනකට බත්තරමුලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ජනතාවගෙන් පැහැදිළි වන බව ද එහි සේවකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019 - 2024 රනිල් රාජපක්ෂ හවුල් පාලන කාලය ගත තුලදි රටේ ඇතිවු දුර්වල දුබල පාලනය හා එමගින් ඇතිවු ආර්ථික අර්බුදය නිසා රටේ සෑම ක්ෂේත්‍රයකම කඩා වැටීම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැනි ආයාතන වල දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවු අතර, මේ වාර්තාව මගින් ඒක ජාතික ජනබල වේගයේ ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න අසාර්ථක උත්සාහයක යෙදී ඇත.
නැවත උපන්නා සේ මිනිසුන් කතා කරන්නෙ කොරෝනා උවදුර ගැන වගේ වගක් නැතිව. දැනුයි ලෝකයම ඉන් මිදෙමින් පවතින්නේ . මෙවැනි මැරිලා ඉපදුනා වැනි මිනිසුන් කොටි සහ බටහිර බලවේග සමඟ එක්ව රටේ දූෂිත කැරැල්ලක් ගැහුවා. දැන් ඔවුන් කැමති නීච ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. විහළු කතා නොකියා දැන් පුලුවන් නම් වැඩ කරන්නයි තියෙන්නෙ. සදහටම බලයෙන් ඉවත්වන්නට පෙර
උඩට විතරක් බැනලා වැඩක් නෑ. යටත් ඉන්නවා මාලිමාවට ඡන්දය දෙන ගමන් වැඩ නොකර ඉන්න උදවිය. මගේ යාළුවෙක්ගෙ අලුත් හැඳුනුම් පතේ නම වැරදියට මුද්‍රණය කරලා තියෙනවා නියම නම හරි විදිහට ඉල්ලුම් පත්‍රයේ දීලත්. ඒ හැඳුනුම් පත ලැබිලා තියෙන්නේ ඉල්ලලා ගොඩක් කලකට පසුව. නමේ වෙනස ගැන කතා කරාම එන්න කියලා තියනවා අලුත් එකක් මුද්‍රණය කරලා දෙන්නම් කියලා. ගියාම කියලා කල් ගිහින් වැඩියි ඒ නිසා අලුත් එකක් ඉල්ලලා මුල සිටම පටන් ගන්න කියලා. දුර සිට ගිහින්, කියපු දේ ඔක්කොම කරලාත් ආපහු හැරිලා යන්න වෙලා. ඔය තමයි රජයේ සේවය. යාළුවා නොකරපු එකම දේ තමයි කීයක් හරි දෙන්න කතා නොකරපු එක. දැන් මාස ගානක් වෙනව ඔය වැඩේ කියලා.
පන්සිළුගේ කතාව හරි. අද බොහෝමයක් දෙනාට මතක නෑ. මුළු ලෝකෙම 2020-22 අතර කොරෝනා නිසා පසු බැස්සූ බව. රජයේ සේවකයින් ගෙදර ඉඳන් වැටුප් ගනිද්දී ඒවාට විරුද්ධ නොවුණු වෘත්තිය සමිති ටික කොරෝනා උවදුර පහවෙන්නත් කලින්ම වැඩ වර්ජන පටන් ගත්තා. අද ඔය ඇමතිකම් කරන මහින්ද ජයසිංහ ඉස්සරහින්ම ඉඳගෙන වර්ජන මෙහෙයවපු කෙනෙක්. එතකොට විරුද්ධ පක්ෂ සියල්ලම වගේ අන්තවාදීන් වගේම පටන් ගත්තා ලංකාවට රජයේ බැංකු හරහා විදේශ විනිමය එවන්න එපා කියලා. ඒ තමයි රටේ ආර්ථිකය කඩා වැටීම ගැන සිදුවූ ආසන්නතම හේතුව (කබ්රාල් ඇතුළු අය නිසා පාඩු ලබපු රට කඩා වැටුණේ විදේශ විනිමය රටට නැතුව උණ්ඩියල් ක්‍රම හරහා ත්‍රස්තවාදීන් විසින් කියූ ලෙස දීමත් නොදී සිටීමත් නිසා. එයින් ඇතිකළ අරගලයෙන් වාසි ගත්තේ රනිල් සහ අනුර කුමාර බව නොදන්නවා නෙවෙයිනේ. පෙරටුගාමීන් අරගලය මෙහෙයුවත් අන්තිමට ඔවුන්ට වුණේ හබන් කුකුළ තලපු කැකුණ වලින් වලි කුකුළන් රජ මගුල් කන හැටි බලන්න. ඉතින් අන්තිමට පහුගිය වසර 5-6 රටේ සංවර්ධනය සහ ක්‍රියාකාරකම් පසු බසින්න සියලු දේශපාලන පක්ෂ වගේම වෘත්තීය සමිති හරහා පාර්ලිමේන්තු ආපු පළාත් පාලන නගරාධිපති තනතුරු ගත්ත අයත් වගකියන්න ඕනෑ....
හැදුනුම්පත් මුද්‍රණ කාර්ඩ් අවශ්‍ය ප්‍රමනෙට තිබෙනවා. තනි දවසේ හැදුනුම්පත් කිසිම ප්‍රශ්නයක් නැතුව මුද්‍රණය කරනවා. නමුත් සාමාන්‍ය ක්‍රමයට බාර දෙන අයදුම්පත් වලට අදාල හැදුනුම්පත් ප්‍රින්ට් කරලා තැපැල් නොකර කිසිම හේතුවක් නොමැතිව මාස කීපයක් කාර්යාලවල සිතා මතාම ගොඩගහලා තිබෙනවා... අල්ලස් ගැනීමේ චේතනාවෙන්, මේවා ආණ්ඩුව සොයන්න ඕනේ..., දැන් ඔයගොල්ලන් පත්වෙලා වසරකට වැඩි, පරණ ආණ්ඩු වලට හැමදාම බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. ජනතාව ඔය ගොල්ලන් පත් කලේ, පරණ ආණ්ඩුව කලේ නිලධාරී විසින් දිගින් දිගටම මෙවැනි වැරැදි කරමින් ජනතාව රස්තියාදු කළ නිසායි.
ඉස්සර හැදුනුම්පතක් නිකුත් කරහම එකේ කල් ඉකුත්වීමේ දිනයක් නැහැ , තත්වය එහෙම තිබෙනකොටත් ඒවා නිකුත් කරගන්න බැරුව දගලන ආණ්ඩුව දැන් නිකුත් කරන හැදුනුම්පත් වසර 10 කට සිමා කරලා, අපිට ඉදිරියට සිදුවෙනවා... වසර 10 කට වරක් හැදුනුම්පත අලුත් කිරීම වෙනුවෙන් කන්තෝරුවකට ගිහිල්ලා රුපියල් 2000-3000 ගස්තු ලෙස ගෙවලා මුළු දවසේම රස්තියාදු වෙලා හැදුනුම්පත හදාගන්න. අලුතෙන් හැදුනුම්පත් හදාගන්න සහ නැතිවූ හැදුනුම්පත් වෙනුවට අලුත් ඒවා හදාගන්න එන පිරිසුත් එකතු වුණාම සමහරවිට මෙම පෝලිම් තෙල් පෝලිම් වගේ දවස් 2-3 දිගු වෙන්න පුළුවන්, එහෙම නැතිනම් හැදුනුම්පත සාමාන්‍ය ක්‍රමයට බාරදීලා වසර 2-3 මග බලාගෙන ඉන්න වෙන්න පුළුවන්. ආණ්ඩු අලුත් තීන්දු තීරණ ගන්න ඕනේ ජනතාවගේ ජීවිතය පහසු වෙන ආකාරයට මිසක්, ජනතාවගේ රස්තියාදුව සහ වියදම වැඩි වෙලා නිලධාරීන්ට පගාව ගන්න තිබෙන ඉඩ ප්‍රස්ථාව වැඩි වෙන ආකාරෙට නොවේ. මිනිස්සු මෝඩ නැහැ... එහෙම කළාම මිනිස්සු ලබන ඡන්ද වලදී අදාල පක්ෂ වලට ඡන්දෙ දීමෙන් වලකීවි...
මේ සියල්ල ජරාව අතිකාල බලාගෙන ඉන්න කුහක සේවකයින්ගේ අනීතික ක්‍රියාමාර්ග නිසා වන සිද්ධි. වරදට දඬුවම නැති අලස ජරාජීර්ණ රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත නොකර කිසිම රජයකට රාජ්‍ය සේවය ගොඩගන්න බෑ. පළමුව ස්වයංක්‍රීය කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඉන්පසුව අතිරික්ත සේවක රැළ පිටමං කළ යුතුයි.
මම ID එක අලුත් කළා... ගෝඨාභය කාලේ එක්දින සේවාව එකෙන් පුුදුමේ කියන්නේ 6 ට ගිය මම උදේ 8 ට මම ID එක අරගෙන එළියට ආවා ලංකාවද කියලත් හිතට ආවා...