(ඩයනා උදයංගනී)

ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2022 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) පෙරවරුවේ පැවැත්විණි.  

ජාතික සාහිත්‍ය තරඟාවලියේ දී කෙටිකතා, සඳැස්, නිසඳැස් ආදී විවිධ අංශයන් ඔස්සේ දස්කම් දැක්වූ රට පුරා විසිරී සිටින නිර්මාණකරුවන් ඇගයීමේ අරමුණින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබූ අතර, අංකුර කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක්කර ඒ අතරින් තෝරාගත් ජාතික මට්ටමේ ජයග්‍රාහකයන් ඇගයීම මෙහිදී සිදුකෙරිණි.

මෙවර සම්මාන උළෙලේ දී නිර්මාණකරුවන් 225 දෙනකු වෙත සම්මාන, තිළිණ සහ සහතිකපත් පිරිනැමිණි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව මෙය සංවිධානය කර ඇත.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)