(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාර දෙමින් ඉල්ලීමක් කළේය.
මෙම ලිපිය බාර දෙනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසිනි.
ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනා සම්මතයට අනුව නියමිත සමාජිකයක් තිස් පස් දෙනාගෙන් 28ක් නම් කර ඇති අතර එයට ඇතුළත්ව ඇති එකම මන්ත්‍රීවරිය වන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.
එමනිසා ජාතික සභාවේ ඉතිරි සාමාජිකයන් නම් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සඳහා වැඩි අවස්ථාවක් දෙන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු පිම්බිල්ලෙක්ව සභාපති පුටුවට පත්කර ගැනීමෙන්ම පේනවා කාන්තා නියෝජනය...