
(රංජන් කස්තුරි)
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින් කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් 56 දෙනෙකු පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මොරටුව මහ නගර සභාව බොරලැස්ගමුව නගර සභාව සහ මහරගම නගර සභාව යන නගර සභාවල හිටපු නාගරික මන්ත්‍රීවරුන් සහ සීතාවකපුර සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එම ලිපියට අත්සන් තබා තිබේ.
සීතාවක පුර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ආනන්ද රූපසිංහ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම ලිපිය ලියා ඇති අතර අනෙක් මන්ත්‍රීවරුන් ඊට එකඟතාවය පළ කරමින් අත්සන යොදා තිබේ.
සිලින්ඩරය ලකුණ යටතේ තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාදීමට නායකත්වය ලබාදීම කොළඹ දිස්ත්‍රික්කයෙන් පක්ෂයට ලැබුණු මනාප වලින් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්වීම කොළඹ දිස්ත්‍රික්කයෙන් පක්ෂයට ශක්තිමත් කා ර් ය භාරයක් ඉටු කිරීම ඇතුළු කරුණු හේතුවෙන් චන්දන කත්‍රිආරච්චි මහතා ජාතික ලැයිස්තුවෙන් පා ර් ලිමේන්තුවට පත් කළ යුතු බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මෙයාගේ ගමේ කැස්බෑව නගර සභාවෙන් කවුරුත් අත්සන් කරලා නැද්ද?
ඇයි මෙයා ඔය කියන නගර සභාවලට මොනවා කරලාද ඔච්චර ඉල්ලන්නේ? මට මතකයි ඉස්සර මැර වැඩවලට නම් ප්‍රසිද්ධියක් දැරුවා...
මේ නාගරිකයි කියන මන්ත්‍රීවරුන් හරිම අවංකවම ඔය මිනීමැරුමක් වගේ පොඩි චෝදනාවක් තියෙන මෙතුමාව ඉල්ලන්නේ...!
ප්‍රසිද්ධ හරක් හොරුන්...
මෙයා මොකක්ද අපරාධයකට කලකට උඩදී හිරයට ගිය චරිතයත්.... නේද?
ජාතික ලැයිස්තුව කෙසේ වෙතත් මොහුට විරුද්ධව තියන මිනීමැරුම් නඩුව අහන්න ඕනේ
ජාතික ලැයිස්තුව කෙසේ වෙතත් මූට විරුද්ධව තියෙන මිනීමැරුම් නඩුව අහන්න. ඒක මහින්දය ගෙ කාලෙ අස් කරගත්ත.
අර චොකා මල්ලිගේ දෙවනියා .මේ වගේ මිනීමැරුම් වලට සම්බන්ධ අය එක්ක තමයි ජොලි සීයා දේශපාලනය කලේ
මරු පාර්ලිමේන්තු යවන්න.. අඩුම ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කමක්වත් සුදුසු නැහැ. කාංචන වගේ කෙනෙකුට මේක දුන්නා නම් වටිනවා නාකි පොරවල් නැතුව.
ලෝක හොරු තමයි...
මේ වගේ ආතක්, පාතක් නැති පිස්සෙක් දානවාට වැඩිය හොඳ නැද්ද වෙන වැඩක් තියන මනුස්සයෙක් දාන එක. මෙයා අඩුම ගණනේ කැස්බෑවාට ටොයිලට් එකක්වත් හදලා දීලා තියනවාද?
එකඟයි