
(සුජිත් හේවාජුලිගේ )
පක්ෂ ලේකම්වරයාට ජාතික ලැයිස්තුවෙන් ඕනෑම අයකු පත් කිරීමට මැතිවරණ පනත අනුව හැකියාව ඇති බව නීති විශාරදයන් ගණනාවක් සමගි ජන බලවේගය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන්ට දැනුම්දී ඇත.
නීති විශාරදයන් මෙම දැනුම් දීම කර ඇත්තේ මේ පිළිබඳ නීතිමය තත්වය සම්බන්ධයෙන් එම දේශපාලන පක්ෂ කළ කරැණු විමසීමක් අනුවය.
පනතේ කිසිම වගන්තියකින් කිසිම අයකු ජාතික ලැයිස්තුවට පත්කිරීම බැහැර කර නැති බවත් ජාතික ලැයිස්තුවට එ් වෙනුවෙන් නම් කර ඇති 29දෙනාගෙන් සහ මැතිවරණයට තරග කළ අයගෙන් පමණක් තෝරාගත යුතු බවට මැතිවරණ කොමිසම නගන තර්කය පිළිගත නොහැකි බවත් එම නීති විශාරදයන් පෙන්වාදී ඇත.
පක්ෂ ලේකම්වරයා නම් කරන ඕනෑම අයකු පත් කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බවත් ගැටලුවක් තිබේ නම් එය අර්ථ නිරූපණය කිරීම අධිකරණයට බාර කටයුත්තක් බවත් එම නීති විශාරදයන් වැඩිදුරටත් පවසා අැත
සමග ජන බලවේගයේ තව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හතරක් සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් මන්ත්‍රී ධූරයක් තවමත් පුරප්පාඩුවී පවතී. එම ජාතික ලැයිස්තුවලට විවිධ පාර්ශ්ව වලින් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්වීම හේතුවෙන් ඒවා පත් කිරීම මෙසේ ප්‍රමාද වී පවතින බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදුන හිකනලුන් රටට ඕනෑද? ජාතික ලයිස්තුව දැම්මේ විහිළුවකටද?
හිටපු ජනාධිපතිවරු තමුන්ට ඕනෑ අයව හෙන්චයියන්ව පත්කරගත්තා කිසිම වැඩක් වුනේ නැහැ. ජාතික ලැයිස්තු ක්‍රමය අහෝසි කළයුතුයි...
නව රජයේ වප්‍රසාද වගේම මෙවැනි දේත් සලකා බැලිය යුතුයි. ජනතාව ප්‍රතික්ෂේප කළානම් ඔවුන්ට එකී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රය නියෝජනය කළ නොහැකි මෙයත් අර්ථ ගැන්විය යුතුයි. එමෙන්ම නාම යෝජනා බාරගන්නා විට හවුල් පක්ෂ ඇතුළුව ජාතික ලැයිස්තුවද ඉදිරිපත් කළයුතු අතර ඔවුන්ගේද වත්කම් බැරකම් ප්‍රකාශ ගත යුතුයි.
අම්මෝ අර හවුල්කාර පක්ෂ 6 යකා නටනවා. එහෙන් පැරදුණු අය යකා නටනවා. සජබෙ නිකං ආඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ...!
ඔතනට ඔය හිකනලලු දාන්නේ... රට වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ කකා ඉඳලා රටට කෙල කරන්න පරම්පරාවේ අයව ගේන්න පුටු පෙරළන් අයින්වෙන පරම්පරාගත වහල්ලු...
උගත්, බුද්ධිමත් අලුත් අය පත්කරන්න... එහෙම වුණොත් චුට්ටක් හරි ගොඩයන්න පුළුවන්. ඔය පරණ සෙට් එක එක්ක තවතවත් වලපල්ලට යනවා මිසක් ප්‍රගතියක් නම් දකින්න ලැබෙන එකක් නෑ.
මම සජබයට ඡන්දය දුන්නේ මගේ ඡන්දය මගින් ජාතික ලැයිස්තුවට නම් කර ඉන්න 29 දෙනාගෙන් කෙනෙක් පත්වෙයි කියන අදහසින්. ඒ නිසයි මම සජබයට ඡන්දය දුන්නේ. මේකෙන් මගේ මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කරනවා. මම නඩු යනවා...!
ජාතික ලැයිස්තුවෙන් එන්න පොරකන අය වැඩිවෙයි වගේ...!
රට විනාශ කළ ජොලිසීයව ගේන්න තමයි මේ ඊළඟ ප්ලෑන් එක ගහන්නේ. මේකට කිසිම ඉඩක් දෙන්න එපා. මේවායින් කරන්නේ රට නැවතත් අස්ථාවර කරන්න හදන එකයි.
ඔය ජාතික ලැයිස්තුවෙන් එන්න දඟලන එකෙකුටවත් දෙන්න එපා. ඔයා එන්න හදන්නේ රට හදන්නද? චුට්ටක් හරි විවේකයක් තියෙන්න එපෑයෑ... ජාතික ලැයිස්තුවේ පිළිවෙළට එන අය පත්කරන්න. නොඑසේ නම් SJB එකටත් UNP එකට වුණු දේම තමයි වෙන්නේ...!
එහෙම පුලුවන් නම් ජාතික ලයිස්තුව කියලා 29 දෙනෙක් නම් කරන්නේ මොකටද? ඡන්දේ ඉල්ලන අය විතරක් නාම යෝජනා දුන්නාම ඇතිනේ. ඔය හදන්නේ නැවත දේශපාලනය කරන් නෑ කියපු අය පාර්ලිමේන්තු ගේන්න..!
මොලයක් තියනවා නම් කුණු කූඩේට විසි වුණු අයව ආයෙත් ලැයිස්තුවෙන් ඇතුළට දාන්නේ නෑ
හිරූණිකා ප්‍රේමචන්ද්‍ර සහෝදරිය පත්කරන්න ඇය අපේ පක්ෂයට දැවැන්තම කාන්තා ශක්තියක්
ඩයනා ගමගේට දුන්නා නම් නරකද?