
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් හෙට (19) අවසන් තීරණයක් ගන්නා බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සියලු පක්ෂ වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව ද වජිර අබේවර්ධන මහතා කීය.
අදාල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තලතා අතුකෝරාල මහත්මිය හෝ නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා නම් කළ යුතු බවට තම පක්ෂයේ මතය වී යැයිද වජිර අබේවර්ධන මහතා පැවසීය.
රවී කරුණානායක මහතා අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමේ තීරණය නිසා එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3(3), 3(4), 9(7), 13(7), යන 13(8) වගන්ති උල්ලංඝනය වී ඇතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.
කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවියා අයින් කරපු දවසට තමා UNP ය ගොඩ යන්නේ.
මදෑ පළපුරුදු කෂ්ටිය කරගත්ත හරිය. පිනට හම්බවෙලා, අතට ගත්ත එක, කටට දාගන්න දඟලන වලියක්.
පක්ෂ ව්‍යවස්ථා, පක්ෂ තීරණ වැඩක් නෑ හලෝ...දැන් ගැසට් එක ගහලා තියෙන්නෙ ලෝකෙම ඉන්න හොඳම මුදල් ඇමතිව, මන්ත්‍රී කරලා...කොහොමද ඒක ?
මිනිස්සුන්ට අමතක වෙනවට චොප්පෙ අයිය හන්දියෙ අඩිපුඩි පෙන්නනව වගේ මෙගොල්ලොත් මිනිස්සුන්ගෙ අවදානෙ දිනාගන්න පොඩි වලියක් දාගන්නව වගේ ?
අනේ පලයන් බං යන්න. මහලොකුවට රට හදන්න චන්දෙ ඉල්ලන්නේ. පක්ෂේ හදාගන්න බෑ
පුළුවන් ශ්‍රී ලංකා!!!!!
ප්‍රසාද මංත්‍රීධූර දෙක බෙදාගන්න මෙච්චර අර්බුද නම් මීට වඩා යමක් ලැබුණී නම් කෙසේවිය හැකිද? බොහේ දුරට මැතිවරණයට පෙර රනිල් කියු පලපුරැද්ද වෙන්ට ඇති මේ. මහ බැංකුවට කෙලියේත් මේවගේම නේ.
කම්බ හොරැන්ගේ එකමුතුවට ප්‍රසාද මංත්‍රීධූර දෙක නිසා හෙන වැදී ඇත බලය ලැබුනානම් කෙසේ වේවිද?
සිලින්ඩර මුත්තාගේ නල්ලමලේ පලපුරුදු සෙට් එක තක්කඩි කම් වලට නම්දරාපු අය
2020 වුනෙත් ඒක, දැන් වෙන්නේත් ඒක. ඒක මේ අපත, කාලකන්නි, ගෝත්‍රික, බල ලෝභී දේශපාලනයේ සදාකාලික ලක්ෂණයක්. රනිල් කියන්නේ අමු පඩත්තල, හිස ඉදිමුන, මාන්නක්කාර , ඒකාධිපති නායකයෙක් (කියලා හිතාගෙන ඉන්න) . ඔය සන්ධානය පුරවාගෙන ඉන්නේ ඒ වගේම අපත චරිත ගොඩකින්. මුන් බලයට පත් වුනානම් කොහොම සිටීද?
වජිර ඇතුළු සිලින්ඩරේ සෙට් එක අසාර්ථක දේශපාලුවන්. තවමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ. රටේ ජනතාව අඬවන්න ගිහින් ඒ අයම ඇඳගත්තා.
මාළිමාව බලයට පත් වුණාම ගෑස් නැතිවෙනවා ,එල් බෝඩ් කාරයෝ පළපුරුද්ද නැහැ කියාපු උන් ,දැන් එකාට එකා ඇන කොටා ගනිල්ලා ?