
(අංජුල මහික වීරරත්න)
ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත් කරනු ලැබූ අතර ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා ඔහු අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය.
සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියේ විද්‍යාර්ථියෙකි.
ජනසන්නිවේදනය විෂය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති ඔහු ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි? පඩියක් නැතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන්න අමාරුයිද?
ඉතින් ඇයි අස්වෙලා තියෙන්නේ?
අනිවාර්යයෙන්ම තමන්ගේ ඇත්තක් දාගන්න යන්නේ...!
එයා තමයි හොඳටම කරලා තියෙන්නේ...!
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියලා කියමනක් තියෙනවා. මේ ඇදුරුතුමා උගන්වන්න දක්ෂයෙක් වෙන්න ඇති. ඒත් ආයතනයක් පාලනය කරන්න බැරුව ඇති... රජ්ජුරුවන්ට සුදු හකුරු හදපු මිනිහා රජුට වැඳ වැටී කිව්වේ කියනකොට එහෙමට වුණත් මහ රජානෙණි... මට වෙනු සමා කරනකොට මෙහෙම්මයි... එය වළකන්න බැහැ. මැරුවත් මෙමා කියලා තමයි.
හේතුවත් හොයලා දාන්න. නැත්නම් අපිට හිතාගන්නයි වෙන්නේ...!
නව සභාපති වෙන්නේ කවුද දන්නේ නෑ. මෙයාට වඩා දැන උගත් කෙනෙක්වත්ද? බලගෙන ඉමු.