(රංජන් කස්තුරි)
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ නව ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රථම වරට ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව රටපුරා සියලු ජාතික පාසල්වල 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට පවතින පුරප්පාඩු මත සිසුන් ඇතුළත් කර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්කරයි.
2019 වසරේ 1,5 සහ 6 යන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම අධ්‍යාපන ලේකම්වරයා විසින් 2008/37 නැමති චක්‍රලේඛය මත සිදුකෙරේ.
පෞද්ගලික වාසස්ථානවලින් බැහැරව වාසය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, රාජකාරි අවශ්‍යතා මත කිලෝමීටර් 50කට වැඩි දුරකට ස්ථාන මාරු ලැබූ රජයේ සේවකයින්ගේ, විදේශගතව නැවත දිවයි පැමිණි පුද්ගලයින්ගේ දරුවන් එලෙස අතරමැදි පාසල්වලට ඇතුළත් කර ගැනීමට නියමිත බවද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින ගුරු පුරප්පාඩු මත ඉහත කාණ්ඩවලින් ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව අඩු නම් වෙනත් අයදුම්පත් ද සලකා බලන බව එම අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කෙත් මන්ත්‍රීලා අංක 1. මන්ත්‍රී පට්ටම ලැබුණු ගමන් කොළඹ උණ රෝගය හැදෙනවා එයාලට. ඒ නිසා සියලු මහජනයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට වෙරදරමු...
සාමාන්‍යයෙන් 1 වසර ළමුන් ඇතුල් කර ගත් පසු පසුව එන අවස්ථා සඳහා පොරොත්තු ලේඛනයක් තිබීම සාමාන්‍ය පුරුද්දයි. නමුත් එම ලේඛනයෙන් බැහැරව අමාත්‍යාංශ ලේකම්වරයා පාසල් සඳහා ළමුන් ඇතුල් කරන්නේ කොහොමද? එලෙසම මේකත් හොරා කන්න හදන වෑයමක්...
එහෙනං ඉතින් හැමෝටම මන්ත්‍රී කෙනෙක් වෙන්න වේවි...!!!
එතකොට ප්‍රවාහන අපහසුතා සහිත දරුවන්ට බැරිද දාන්න...?
එතකොට අනිත් ලමයි ගෙදර ට කාලකන්නි වෙනස කියන්නෙ අනිත් උන්ට පාන්ද?