(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති කිත්සිරි ලියනගම මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා වශයෙන් පත් කරනු ලැබ ඇත.
ඔහු අද (02) අධ්‍යාපන අමාත්‍යංශයේදී නව ධූරයේ වැඩ බාරගත්තේය.
මීට පෙර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීයෙකී.
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වසර 04 ක්ද මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති ලෙස වසර 08 ක්ද සේවය කර ඇති ඔහු දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ලෙසද කළක් කටයුතු කළේය.
ගාල්ල වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වන ඔහු ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂවේදී උපාධිදරයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම්!!!!!
මා දන්නා තරමෙන් කිත්සිරි මහතා දෙනියාය මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙනුත් කටයුතු කලා 1991/1992
සුබ පැතුම්. හොඳ වැඩක් කල හැකි මහත්මයෙක්.
සුබ පැතුම් සර්.!
සැබැම වැඩ කරැවෙකි. නිපුනතාව ඇති දක්ෂ නිලධාරියෙකි. අධ්‍යාපනයට හොද කල දවසක් බලාපොරොත්තු විය හැක. බුදුසරණයි සර්.
උණුසුම් සුබපැතුම් සර්.!
උණුසුම් සුබපැතුම් සර්...!
තනතුරු පසුපස එතුමා හඹා නොගිය අතර තනතුරු එතුමා පසුපස හඹා අාවා.