
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය.
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීහු වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු හා මත භේදයට තුඩු දී ඇති ජාතික පුෂ්පයේ ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය යකන්දාවල මහතා පැවසුවේජාතික පුෂ්පය නිල් මහනෙල් බවට කැබිනට් පත්‍රිකාවක් මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද නිල්මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කර ඇත්තේ දම්පැහැති මානෙල් මලක ඡායාරූපයක් බවයි. එය සැබෑ නිල් මානෙල් මල නොවන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදි පරිසර අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස්වූයේ සිංහල භාෂා ප්‍රවීණයකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා දක්වන ලද මතයක් අනුව බවයි. මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට ඔහු යෝජනා කළ බවද එම නිලධාරීහු පැවසූහ.
ගෝලීයව පිළිගත් ශාක වර්ගිකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත්විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතාවූ පොදු නම් වෙනස් නොකළ යුතු බව මහාචාර්ය වරයා ප්‍රකාශ කළේය.
මානෙල් යනු පොදු නාමයක් බවත් දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින හෙයින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවරැදි වියයුතු බවත් මහාචාර්ය දෙපළ පෙන්වා දුන්හ.
ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් 1986 දී සලකා බලන ලද ස්වදේශියවීම හා ආවේණික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, වර්ණය හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්ය යකන්දාවල මහතා ප්‍රකාශ කළේය.
මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක් සහිත මුද්දරයක් නිකුත් කර ඇති නමුත් එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක් බව මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය පැවසුවාය. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේද වැරැදි මලක රූපයක් බවත් පාසල්වල පමණක් නොව ඇතැම් උසස් අධ්‍යාපන ආයතනවලද අද උගන්වන්නේ වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
එමෙන්ම ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කරමින් අලෙවි කැරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නොවන බව මේ මහාචාර්යවරුන්ගේ අදහසයි.
මෙම රැස්වීමට මන්ත්‍රීවරු පිරිසක්ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ජාතික පුෂ්පය හරියටම තීරණය කලොත් අපිට මෙ රට ගොඩ දාගන්න පුලුවන්. ඉක්මනට කමිටුවක් පත් කල යුතුයි.
මෙ කන්න බොන්න නැති වෙලවෙ අනවශ්‍ය ප්‍රශනයක් ඇදගන්නෙ ඇයි?
දැනට ලංකාවෙ තිබෙන ලොකුම ප්‍රශ්නය
පෙන්වා තියෙන මල් වර්ගය කොලයකින් පැල කරන්න පුළුවන් ඒවායේ අලයක් නැතිතරම්. අතීතයේ මානෙල් අල සිංහල බෙහෙත් සඳහා ගත්තා. අලයක් නැති දෙයක් බෙහෙත් සඳහා ගන්න බැහැ.. එහෙම බැලුවොත් කොළයෙන් පැලවෙන වර්ගය නිල් මානෙල් වෙන්න බැහැ..
ලංකාවේ දැනට පවතින බරපතල දැවන්ත ප්‍රශ්නයක්... ජනාධිපති කොමිෂන් සභාවක් හරි පත්කරලා හරි විසඳුමක් දෙන්න වටිනවා...
දම් මානෙල් මල තමයි හොඳ... ඒකෙ ඉන්ඩිගෝ පාට නාසා ආයතනයේ ලංකාවේ සිතියමේ දම් පාටට ඉතාමත් ගැලපෙනවා. ලංකාව තමයි ලෝකෙම අඩුම ගුරුත්ව තියෙන තැන.. බුදුන් හෝ නිවනට පත් වූ කෙනෙක්ගේ ඕරා එකේ අවසාන පාටත් දම්.. ඊට පස්සේ ඒ සිතේ අවසානය නිවනට පත්වීමයි. ලංකාවේ එවැනි අය බොහෝයි. මනුස්සයෙක්ගේ නිවන් මාර්ගයේ අවසන් තොටුපල ලංකාවයි. ඒ නිසා දම් නිල් පැහැ සියල්ල පාවිච්චිය ඉතාමත් යෝග්‍යයි. මම ජීවත් වෙන්නේ කැනඩාවේ උස කඳුකරයේ අඩි 7200ක් උඩ... ඉදිරි මාස 7 දී ලංකාවේ ලොකු පෙරලියක් වෙනවා. ඊට පස්සේ අවුරුදු 7 න් ලංකාව ලෝකෙ අංක 01 රට...
මූලිකවම රටක් නියෝජනය කරද්දී බලන්න ඕනෑ ඒකදේශීය අනන්‍යතාවයක් තියේද? නැද්ද? අපට සුවිශේෂී ප්‍රෙයා්ජන තිබේද? නැද්ද? යන්න... මම නම් ඕකට ගන්නේ පොල්මල... මොකද පොල්මල තරම් අපිට ප්‍රෙයා්ජනවත් වන මලක් නෑ. ඒක මලක් විදිහට සලකන්න බැරිද කියන එකනම් මම දන්නේ නෑ. පොල්ගස ජාතික වෘක්ෂය කරන්නත් පුළුවන් ඕනෑ නම්...
මම නම් කියන්නේ තෝරලා ඒකට 'රාජපස්ස' කියලා නම් කරන්න ඔනේ කියලා.
බැරිද ඕකට කෙහෙල් මල දාගන්න... ?