(අංජුල මහීක වීරරත්න)
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථාවේ කෙටුම්පත වහාම සකස් කර දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට යළිත් වරක් අද (22) දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් නව සන්ධානය පිහිටුවීමට ගිවිසුම් අත්සන් කිරීම හෝ අපේක්ෂකයා නම් කිරීම හෝ කිරීමට පෙර අඩුම තරමේ පක්ෂ ව්‍යවස්ථා කෙටුම්පතවත් තමන්ට ලැබිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට දැනුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කරනු ලැබූවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන බවට අදහස් පළ වී ඊට අදාළ කෙටුම්පතවත් සකස්වී නොමැති වීම හේතුවෙනි.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේ පැවැති එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පුළුල් සන්ධානය පිහිටුවීමට අවශ්‍ය ව්‍යවස්ථාවට සංශෝධන ඇතුළත් කර අවසන් කෙටුම්පතක් කිරීම ඇමති රාජිත සේනාරත්න මහතාගේ හා එ.ජා.ප සභාපති, මහාමාර්ග හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති කබීර් හෂීම් මහතාගේ එකගතාවයෙන් කිරීමට තීරණය විය.
ඉහත තීරණය ගෙන සතියකට ආසන්න කාලයක් ගතව ඇතත් මෙතෙක් අඩුම තරමේ ඊට අදාළ කෙටුම්පතවත් සකස් නොකීරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට අග්‍රාමාත්‍යවරයා තම බලවත් කනස්සල්ල පළ කරනු ලැබීය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත ලැබුණු පසු ගිවිසුම්ගත වීම හා අපේක්ෂක නම් කිරීමට අවශ්‍ය පසුබිම සකස් වෙතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, පින් සිද්දවෙයි පක්ෂය බේරාගන්න අවශ්‍ය නම් ඔන්න ඔය මළ දානේ කරු ජයසූරියට බාරදීලා ඔබතුමාගේ සමනල රෑනත් එක්ක වැඩක් බලාගෙන ගෙදර යන්න. පක්ෂය සවුත්තු කළා ඇති.
නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට සූදානම්. මෙය නොවැරදීම සිදුවිය යුතු දෙයකි .
අවශ්‍ය දේ නොකර වටේ යනවා ...
දැන් අවුරුදු 4 ක් රට කැඳ හැලියක් කරා ඔක්කොම එකතු කරන් සන්ධානයක් හදලා .අායෙමත් කැඳ හැලියක් හදාගෙන තවත් 5 ක් විනාශ කරන්නද හදන්නේ.