(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සහ ජාතික ජන බලවේගයේ නිලධාරීන් අතර හමුවක් බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (12) පෙරවරුවේ පැවැත්විණි.

රට වර්තමානයේ පත්ව ඇති ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දී සිටින තත්වය පිළිබඳව වාණිජ මණ්ඩලයේ සහ ජාතික ජන බලවේගයේ එහිදී සාකච්ඡා කළහ.

මෙම අවස්ථාව සඳහා  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් එහි උප සභාපති දුමින්ද හුලංගමුව, නියෝජ්‍ය උප සභාපති කිෂාන් බාලේන්ද්‍ර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සරත් ගනේගොඩ සහ ලේකම් මංජුල ද සිල්වා, ජාතික ජන බලවේගය වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය ශාන්ත ජයරත්න යන මහත්වරු සහභාගි වූහ.