
(අංජුල මහික වීරරත්න)
ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමෙන් පසු 77 වැනි ජාතික නිදහස් උළෙල සමාප්තියට පත්විය.
නිදහස් උළෙල ඇරැඹුමේ දී සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුණු අතර සමාප්තිය සටහන් වූයේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැනීමෙනි.
කොළඹ 02 ආරක්ෂක සේවා විදුහල, කොළඹ 10 නාලන්දා විද්‍යාලය, කොළඹ 04 මුස්ලිම් කාන්තා විදුහල,කොළඹ 07 රාජකීය විද්‍යාලය, කොළඹ 04 රාමනාදන් හින්දු විදුහල,කොළඹ 10 සහිරා විදුහල,කොළඹ 10, සියලු ශාන්තුවරයන්ගේ බාලිකා මහා විද්‍යාලය,කොළඹ 08 සුසමය වර්ධන විද්‍යාලය, කොළඹ 04 හින්දු විද්‍යාලය නියෝජනය කරමින් සිසු සිසුවියෝ 44 දෙනෙක් ජාතික ගීය ගැයූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට දුවල දුවලා ගිහින් මහින්දට ගරහලා ආපු තැන තවත් මොනවද?
ඉතිං ප්‍රශංසනීය සහ අගය කළයුතු තීරණයක්.
අනේ දැන් බයියෝ සහ ටොයියෝ ඔක්කොම ෆෝම් වෙලා සිංහල අභිමානය ගැන මෙතන රචනා ලියයි....අයියෝ
ඉතා සුබ ලකුණු අපේ රටට අවශ්‍ය ජාතික සමගිය එය ඇතිවන ලකුණු පහළ වෙලා.
ඔය එක්කම උතුර ඩයස්පෝරාවටයි. නැගනහිර අරාබියටයි සින්නක්කරවම ලියලම දෙන්ඩ. ඉතුරු කැල්ලේ වත් සිංහලෙන් ජාතික ගිය කියුවැහැකි. මේ සිංහල අපගේ රටයි . අප ඉපදෙන මැරෙණ රටයි. ........ සංල අපිට අබ සරනයි!!
එහෙම නැතුව ඉංග්‍රීසියෙන් කියන්නද? සුද්දෝ කැමති වෙන එකක් නැහැ. වඩාත් සුදුසු පරංගි භාෂාව කියන එක. දෙමළ භාෂාව අපට අමුතු භාෂාවක් නොවේ. එය සිංහලයේ අන්තිම රජුගේ භාෂාව රජ පරපුරක භාෂාව මේ රටේ වසර වසර දහස් ගණනක් පැවති සිංහල දෙමළ සංකලනයක්.
අනුමත කරන්න බැහැ අරාබි භාෂාවෙන් කියන්න කියලත් ඉල්ලන බැරි නැ .
ජාතිවාදි බයියන්ට දැන් රිදෙයි
දේශපාලඥයන් එන උත්සවවලට පාසල් ළමුන් යොදාගෙන ජාතික ගීත ගායනා කරන්නෑ කියලා කවුද ඒ කාලේ කිව්ව වගේ මතකයි.
මේක අමුතු දෙයක් නෙවෙයි. මේ දේ මුලින්ම කලේ චන්ද්‍රිකා මැතිණියයි. එදා ඒකට විරුද්දව ජනතාව උසි ගැන්වූවේ අද රට පාලනය කරන අයයි. චන්ද්‍රිකාගෙන් පසුව මහින්දත් මේක කල බව කිව යුතුයි.
රතු හාල් කිලෝ එකකුයි, පොල්ගෙඩියකුත් කරේ දාගත්තා බයියෝ කීප දෙනෙකුත් මේ පෙරඩ් එකට දාන්න තිබුණේ