(අංජුල මහික වීරරත්න)

ජනපති එළැඹෙන 75 වන ‍නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුවට එක්වෙමිනි. ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණි.

දකුණේ මෙන්ම උතුරේ පක්ෂ නායකයෝද ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වී සිටියහ.