IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ජාතික ආරක්ෂාවට බලපාන අසත්‍ය තොරතුරු ප්‍රචාරය එපා

(අංජුල මහික වීරරත්න)

වඩා හොඳ රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී  මාධ්‍ය පිටස්තරයන් නොව එහි කොටස් කරුවන්  බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව කීවේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බව කී ජනාධිපතිවරයා ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස  සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කළේය. 

දේශපාලන සහ ආර්ථික කරුණු වලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව  ප්‍රශ්න කිරීමට හෝ  විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික ආරක්ෂාවට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන  ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.



අදහස් (8)

ජාතික ආරක්ෂාවට බලපාන අසත්‍ය තොරතුරු ප්‍රචාරය එපා

Gamini Thursday, 05 December 2024 10:56 PM

අනේ ඔව්... කවුරුවත් පච කියන්න එපා. කෙබර ඇදබාන්න එපා. බේගල් ඇදබාන්න එපා. ගල් පැලෙන බොරු කියන්න එපා... ඒවා හොඳ නැති වැඩ. අනුර සහෝදරයා වගේ ඇත්ත විතරක් කතා කරන්න.

:       19       17

ඩොනල් ගුනවර්දන Friday, 06 December 2024 01:01 AM

එපා එපා ඊලම හදනකන් මුකුත් කියන්න එපා…

:       20       16

pj Friday, 06 December 2024 10:35 AM

ජාතික ආරක්ෂාවට බලපානවා නම් සත්‍ය තොරතුරු ප්‍රචාරයත් එපා.

:       23       13

Kazi Shajahan Friday, 06 December 2024 12:35 PM

අනුර චන්දෙට කලින් කියපු වීඩියෝ එහෙම දාන්න එපා කියන්න ඇති නේ

:       19       17

Saman perera Friday, 06 December 2024 05:14 PM

හොඳ වැඩේ ජෙප්පන්ට ඡන්දේ දුන්නු සින්හල බෞද්දයින්ට…. ඔයාලාව මේ අය බෝන් අගේන් අන්තවාදී පල්ලියට හරවයි ( LTTE ඩයස්පෝරා අය මේ ක්‍රිස්තියානි කල්ලියේ අද උතුරේ)… එහෙම නැත්තන් ඊලාම් රාජ්ජයේ වහල්ලු විදියට පාවිච්චි කරයි… මුලු ලන්කාවම ඊලාම් කරන්න තියෙන්නේ...!

:       22       13

neilSaturday, 07 December 2024 07:51 AM

තනිකරම ත්‍රස්තවාදී පොරක්... මෙයා රටටම පිළිලයක් වගේ...

:       19       11

fairoos Saturday, 07 December 2024 10:44 AM

අදහස් වලින් පේනවා ලංකාවේ බයියෝ තමයි ඉන්නේ ඉතුරු වෙලා කියලා

:       8       23

Nirmal Tuesday, 10 December 2024 06:12 AM

ෆයිරූස් ඔයත් එක්තරා බයියෙකුට ඇති... ඔයා ජෙබයියෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 240 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16087 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 582 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site