(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින ව්‍යසනකාරි තත්වය නිරාකරණය කිරීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවසීය.
තම තමන්ගේ අනාගත දේශපාලන ඉරනම් සඳහා කුඩුකේඩු කම් නොකර රටත් ජනතාවත් වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා ලෙසට ඔවුන්ගෙන් ඉල්ලීම් කරන බවද විජේසූරිය මහතා සඳහන් කළේය.
රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කීය.
‘‘රටේ මෙවැනි ඛේදවාචකයක් සිදුවන්නේ රටේ දේශපාලන නායකත්වයේ වරදින්. මේ ව්‍යසනයට ජනාධිපතිවරයා වගකිව යුතුයි.
මේ වගේ ව්‍යසනයක් සිදුවන බවට දේශීය සහ විදේශීය බුද්ධි අංශ නිල දැනුම් දීමක් කරලා තිබුණා. ජාතික ආරක්ෂාවට අනතුරක් වන බවට රටේ නායකයාට දැන ගන්නට ලැබුනොත් ඔහුගේ වගකීම තමයි පෞද්ගලික සංචාර තියා නිල සංචාර පවා අවලංගු කරමින් රටේ සිද්ධ වෙන්න යන දේවල් පිලිබඳ අවධියෙන් සිටීමයි. ඔහු ඒ දේවල් කරලා නැහැ.
අනික් පැත්තෙන් අගමැතිවරයා සමඟ පවතින කොන්තර පිරිමසා ගැනීම මුල් කරගෙන ඔහු ජාතික ආරක්ෂාව පිලිබඳ වගකීම් ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා තියෙනවා. ආරක්ෂක කවුන්සිලය නිසි ආකාරයෙන් කැඳවලා නැහැ.
රටක අගමැතිවරයාට, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, පොලිස්පතිවරයාට ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීමට ආරාධනා කරන්නේ නැත්නම් විරුද්ධ පක්ෂයේ තමන්ට කැමති පුද්ගලයන් ආරාධනා කරන්නේ අපිට පේනවා රාජ්‍ය පාලනය ඉතාම පිරිහුනු විපරීත එකක් බවට පත්වෙලා තියෙන බව.
ඒ නිසා මේ ව්‍යසනවට සියලූම දෙනාටම පෙර වගකිවයුතු පුද්ගලයා තමයි ජනාධිපති සිරිසේන මහතා. මේ හැම මරණයකටම ඔහු වගකිව යුතුයි.ඔහුට නිලධාරීන් එක්ක වැඩ කරන්න බැහැ.
මේ වනවිට හතරවෙනි ජනාධිපති ලේකම්වරයා සිටින්නේ. ඊළඟට පත් කරන්න යන්නේ හතරවැනි ආරක්ෂක ලේකම්වරයායි. ඔහුට රටේ අගමැති එක්ක වැඩ කරන්න බැහැ. ලේකම්වරු එක්ක වැඩ කරන්න බැහැ කැබිනට් මණ්ඩලය එක්ක වැඩ කරන්න බැහැ.
අගමැතිවරයාත් තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ නැහැ කියලා දැන් නාහෙන් අඬලා වැඩක් නැහැ. ඔබ රටේ අගමැතිවරයා ලෙස මේවා ගැන කටයුතු නොකිරීම වරදක්. අගමැතිවරයා විදියට කරපු රාජකාරිය මොකක්ද කියලා අපි විමසනවා. අගමැතිවරයාත් ඔහුගේ වගකීම පැහැර හැරලා තියෙනවා.
අද නායකයන් දෙදෙනාම අසාර්ථක වෙලා තියෙනවා. මේ වෙලාවේ තමන්ගේ ජීවිත පිළිබඳව පුරවැසියන්ට වගකීමක් තියෙනවා. මේ වෙලාවේ මහජන නියෝජිතයන් සියලූම දෙනා එක්කම ජනාධිපතිවරයා මුන ගැහිලා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කළ යුතුයි.
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කරන්න යම්කිසි නෛතික බාධාවක් තිබෙනවනම් නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයා ලෙස ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කිරීම මේ රටේ ජනතාව බලාපොරොත්තු වනවා. මේ ප‍්‍රශ්නය නිරාකරනය කිරීමට ඒ වගේ දැනුමක් අවබෝධයක් තියෙන පුද්ගලයෙක් අවශ්‍යයි.
ඒ නිසා නැවත මේ වගේ මහා ව්‍යසනයක් ඇති නොවීමට ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉටුකිරීමට සුදුසුම පුද්ගලයා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතායි.
ඒ වෙනුවෙන් පියවර ගැනීම අගමැතිවරයාගෙත් ජනාධිපතිවරයාගෙත් වගකීමයි. තම තමන්ගේ අනාගත දේශපාලන ඉරනම් සඳහා කුඩුකේඩු කම් නොකර රට වෙනුවෙන් මෙම තීන්දුව ගන්නා ලෙසට අපි ඔවුන්ගෙන් ඉල්ලිම් කරනවා ‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලා අන්තිමට මල්ලෙන් එළියට පනිනවාද?
දැන් ඇවිත් මෙන්න. මෙච්චර දවස් කොහෙද හිටියේ?
ඔය කතා කරන මිනිස්සු තමයි මේ යහපාලනය ගේන්න කඩේ ගියේ
මේ මහත්තය කොහද හිටියේ මෙච්චර කල් ??
මේ එන්ජීඕ කාරයා කියනකන් තමයි හිටියේ... මොවුන් තමයි සංහිඳියාව ඉල්ලලා මොරදුන්නේ... මොවුන් තමයි මකබෑවිලා යන්න තිබුණේ...
NGO කුක්කන්ට අනුව නටලා තමයි මේ විපාකය වුනේ.. තවදුරටත් කුක්කන්ගෙන් උපදෙස් ගැනීම නැවැත්විය යුතුයි.
මේ ව්‍යසනය ඇති වෙන්න සාධාරණ සමාජයත් වග කියන්න ඕනේ... කොන්ද පණ නැති අයව බලයට ගෙනාවට නම් හෙන ගහනවා...
මේ උදවියගේ වැඩ තමයි මේවට වග කියන්න ඕන. දැන් සංහිදියාව දොරේ ගලනකොට මොනවහරි වල් පල් කියනවා..
එකඟයි. සරත් ෆොන්සේකා තමයි දැනට පවතින මෙම තත්වය පාලනය කරගත හැකි එකම පුද්ගලයා.
රටේ ප්‍රධානින් දෙදෙනාගේ කඹ ඇදිල්ල තියෙනතාක් කල් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම තියා මොනම වගකීමක්වත් සරත් ෆොන්සේකාට දෙන එකක් නැහැ. මේ වැඩේ අර අඬන්න බැරිව හිටිය කෙනාගේ නම් ඇස් දෙකටම ඇඟිල්ලෙන් ඇන්නා වගේ දෙයක්. කාට හරි ඒ ගැන අමුතු සැකයක් ඇති උනොත් මම නම් පුදුම වෙන්නේ නැහැ.
ඒක හොඳ තීරණයක්. අපි නම් එකඟයි ..
ඔබතුමාලා කලින් ඇවිත් රට කට්ටියකට බාරදුන්නා නේද? දැන් ආවට වන්දි ගෙවන්නේ අපි... අනේ පින් සිදුවෙයි.. කතා නොකර ඉන්න.
අහලා තියන තරමින් නම් මාර්ෂල් සරත් පොන්සේකා තමාගේ භුමිය (මෙහෙයුම් ) ගැන හොඳ දැනීමක් තියන කෙනෙක්. එම කරුණම තමා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්නට හේතු සාධක වුනයි කියන්නේ. කිසිම දේශපාලන බලපෑමක් නොකර ඔහුට මෙම කාර්ය පැවරුවොත් ඔහු මෙම කර්තව්‍යද නිසිලෙස කරාවියැයි බොහෝ දෙනාගේ හැඟීමයි. හිටපු ජනාධිපතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම්තුමා කළායයි කියන්නෙත් බලපෑම් නොකර දිරිගැන්වීම පමණකි. කොන්ද පණ තියේද?
මේ ටිකත් නැති නම් රටට හොඳයි...
ඔබතුමාලා මේවට කතා නොකර ඉන්නවා නම් හැමෝටම සහනයක් කියලයි මට හිතෙන්නේ. සුදුස්සන් පත්කිරීම අදාළ අය කරගනීවි.
ඉතා හොඳ යෝජනාවක්.
ඔයාලා තමයි ලස්සනට තිබුණු රට කෑවේ... එම පව පරම්පරා ගණනකට වදිනවාම තමයි..
මෙන්න බොලේ මේ සෙට් එක.. මොවුන් ටික තමා මේවට වග කියන්න ඕනේ...
ආ... මේ අපේ මහාචාර්යතුමානේ... අප්පේ දැක්කකල්... දකින්නේ නැතුව ඉන්නකොට මම නම් හිතුවේම කොච්චිකඩේ පල්ලියේ පූජාවටවත් ගිහිල්ලා හිටියද කියලා. බෝම්බෙට දවස් කීයකට කලින්ද හැංගුනේ? සංහිඳියාවෙන් රට හිඳිලම ගියා නේද සර්?
ඔබතුමා කියනකල් තමා සිරිසේන උන්නැහේ බලන් හිටියේ... හෙටම බාරදෙයි ... බලන් ඉන්නකෝ පොඩ්ඩක්...
සමහර මහාචාර්ය තුමන්ලට ඉවෙන් වගේ කියන්න පුලුවන් රටක අනාගතය හෝ ව්‍යසනය.
ජාතික ආරක්ෂාව හා හමුදා නායකත්වය අතර වෙනසක් ඇත. ජාතික ආරක්ෂාව සදහා, සැලසුම් පිළිවෙල කරන්ට හැකි ඉතා බුද්ධිමත් සිවිල් කමිටුවක් අවශ්‍යයි.
2015 ඉදල මෙන්න මේ ගොල්ලෝ සහ තවත් එන් ජි ඕ නඩවල පදයට නටපු නිසා තමයි මේ ආණ්ඩුවට මේ තත්වය ඇති උනේ
ටේලර් අංකලුයි මෙයයි එකම වගෙයි. සහෝදරයෝද දන්නේ නැහැ?