(අජන්ත කුමාර අගලකඩ)
ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද(02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්ති ම ය එකඟතාවක් ඇති ව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි .
ඒ අනුව ජාතික එකගතාආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ අඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට මීට පෙර ඉදිරිපත් කළ කරුණු 11ක යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ .
එම සාකච්ඡාව පැය එක හමාරක් පමණ තිස්සේ පැවැත්විණි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඇමති මහාචාර්ය ජී එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ,ඇමති රමේෂ් පතිරණ ,මහලේකම් සාගර කාරියවසම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු ද,සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා විමල් වීරවංශ ,උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
දෙපාර්ශවයේ එකගතාව මත මීට අදාළ ඒකාබද්ධ නිවේදනයක් අද පස්වරුවේ නිකුත් කිරීමටද එහිදී තීරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හෙණ ගැහැව්වත් මොකද... ඩීල් එකක් දාගත්තාම ... පරම්පරා ගාණක් ගොඩ.
විමල් වීරවංශ මහතා මාධ්‍ය ඉදිරියේ බැසිල් රාජපක්ෂ මහතා ගැන කළ කරුණු පැහැදිලි කිරීමකට අනුව මෙවැනි එකඟතාවකට පැමිණියේ ඇත්තටම ඇඳුම් ඇඳගෙනද කියා අසන්නට අපට සිදුවේ. ශ්‍රී ලංකාවේ දේශපාලකයින් ආත්ම ගෞරවය කියන වචනයවත් අසා තිබේද යන්න සැක සහිතයි...
ඔය ජනතා හඬට එකඟවීමක්ද? ඔහෙලගේ මතය ජනමතය නොවෙයි... මැතිවරණය තියන්නේ ජනයාට තෝරන්න... කවුද රට පාලනය කරන්නේ කියලා.
තවම විහිළු කර කර ඉන්නවා. ජනතාව බඩගින්නේ...!
කිසිම ලැජ්ජාවක් නැති දේශපාලුවන්... මුලුරටම හොරාකාලා ජනතාව පාරට ඇදලා දාපු දූෂිතයන්. මේ අයත් එක්ක මොන ජාතික ආණ්ඩුද? ගේම් ගගහා කල් මරනවා. ලංකාවේ විතරක් නෙවෙයි, පිටරට ජීවත් වෙන සියලුම ජනතාව තරයේම කියා සිටින්නේ දූෂිත පවුල් පාලනේ අයට ඉවත්වෙන ලෙසයි. දැන් බයද කියලා තමයි අහන්න තියෙන්නේ...?
ජනතාව රවට්ටන විගඩම්. මේ ඔක්කොම එකයි. බොරුවට ජනතාව ගොනාට අන්දලා ඔහේ රට ගෙනියන්න හදනවා. තරුණයන් ගොනාට අන්දපු කාලෙ නම් දැන් අහවරයි.