IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉවත් වන බව නිලවශයෙන් අද (16) නිවේදනය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද විහේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

සමඟි ජනවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්‍ෂයේ සිදුවන ඇතැම් අසාධරණයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ එම පක්‍ෂයට මෑතකදී එකතු වූ පිරිස්වලට සාධාරණය ඉටු නොකිරීම යන හේතූන් මුලික කරගෙන එම පක්‍ෂ ඉවත් වන බවත් ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බවත් ජගත් කුමාර මහතා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පසගිය මහ මැතිවරණයට තමන් තරග කිරීම නිසා සමඟි ජනබලවේගයට ආසන හතරක් හිමිවූ බවත් එසේ නොවුණේ නම් එම පක්‍ෂයට ආසන තුනක් පමණක් හිමිවන බවත් ඒ මහතා කීය.

සමඟි ජනබලවේගයේ ඇතැම් සංවිධායකයන්ගේ මහ මැතිවරණය අතරතුරදී ඇතිවූ බලපෑම් හේතුවෙන් තරග කිරීමෙන් ඉවත්වීමට සූදානම් වුවද එය නොකළේ ද ප්‍රේමදාස මහතා දුන් පොරොන්දු හේතුවෙන් බව කී ජගත් කුමාර මහතා ඡන්ද අවසන් වී මාසයක් ගතවුවද ප්‍රේමදාස මහතා දුරකථන ඇමතුමක් හෝ නොදුන් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි

බකල ජයා Monday, 16 December 2024 05:25 PM

මහින්ද හුළඟට ගහගෙන ආව පරඬැල් කෑලි, මාලිමාවට විරුද්ධ වුණු නිසා යන දිශාව හොයාගන්න බැරුව අතරමං වෙලා. ඒ මදිවාට ටෙලිපෝන් වැඩ කරන්නෙත් නෑ. එක්කෝ එන්ගේජ්, එහෙම නැත්තං බිල ගෙවන්නැතුව කපලා.

:       0       54

Kamal Koyrala Monday, 16 December 2024 05:26 PM

ඔයා කවුද අනේ... හාල් මෝලක්වත් තියෙනවද? ජාතික ලැයිස්තුවෙන් දාන්න.

:       0       33

යෝගා Monday, 16 December 2024 05:31 PM

අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී. කොහොමත් මොලේ කළඳක් හරි පිහිටලා තියෙනවා නම් සජිත්ට එකතු වෙයිද?

:       0       31

විපරමා Monday, 16 December 2024 09:23 PM

තමන්ගේ පක්ෂයවත් හරියට කරගන්ඩ බැරි විපක්ෂනායක රටක් කොහොම කරයිද?

:       0       0

Lalla Tuesday, 17 December 2024 08:13 AM

පරාජිත මුහුණ. තරඟකාරී නොවන යල්පැනගිය දේශපාලන සංවිධානවලට අනාගතයක් නෑ. සමෘද්ධි සේවක සමිතිත් ඉවරයි. සමෘද්ධියත් තව ටික කලකින් අතීත කතාවක් වෙනවා.

:       0       0

ලුම්බිණි Tuesday, 17 December 2024 08:35 AM

කවුද මෙයා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site