IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ

(යොහාන් භාසුර)

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංගම් තුනක් පවසයි.

මෙරට ප්‍රධාන ඖෂධ කර්මාන්ත සංගම් තුන සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතාට යොමු කළ එකාබද්ධ ලිපියකින් ජී2ජී ආකාරයෙන් ඖෂධ ආනයනය කිරීමේ යෝජනාවට එලෙස දැඩි විරෝධය පළ කර තිබේ.

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ප්‍රතාබන් මයිල්වාගනම්, ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලයේ සභාපති ලෝහිත සමරවික්‍රම සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නලින් කන්නන්ගර යන මහත්වරු මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා තිබේ.  

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය ක්‍රියාත්මක වුවහොත්, දේශීය ඖෂධ කර්මාන්තය බරපතල ලෙස බලපෑමකට ලක්වී එමගින් රෝගීන්ගේ සෞඛ්‍යය, රැකියා, ආයෝජන සහ ජාතික ආර්ථිකයම තර්ජනයට ලක්වනු ඇති බවත් රජය කෘත්‍රිම ඖෂධ හිඟයක් ඇති කරමින් යෝජිත ආනයන ක්‍රමය සාධාරණ කිරීමක් බවට පත් කළ බවත් ඖෂධ නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

නිෂ්පාදන ලියාපදිංචි කිරීම් ප්‍රමාද කිරීම, පවතින ආනයනකරුවන් හා දේශීය නිෂ්පාදකයන්ගේ හැකියාව නොසලකා හැරීම සහ නියාමන ක්‍රියාවලියන් වළක්වා නව පද්ධතියක් ගෙන එන උත්සාහය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් යෝජිත ජී2ජී ආනයන වැඩසටහන වහා නවතා දැමීම, කෘත්‍රිම හිඟය නිර්මාණය කරන බවට සැක සහිත නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනක් පැවැත්වීම, දැනටමත් තිබෙන ඖෂධවල ලියාපදිංචි කිරීම් වේගවත් කිරීම සහ කර්මාන්තය නියෝජනය කරන පාර්ශවකරුවන් සමඟ විවෘත සංකච්ඡා ආරම්භ කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලීම් කරති.



අදහස් (5)

ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ

Rama Monday, 05 May 2025 05:15 PM

මේ රජය හිටපු අයටත් වඩා අන්තය කියලා කියන්න තියෙන්නේ. කේතලේ මූට්ටියට උඹ කළුයි කිව්වා වගේ මේගොල්ලෝ පරණ අයගේ වැරැදි කියලා ඒවාම කරනවා. ආවේ කොහොමද කරන්නේ මොනවාද කියලා සිස්ටම් චේන්ජ් ඉල්ලලා ඡන්දේ දීපු ලක්ෂ 68 හිතන්න...

:       23       13

පොඩිඑකාMonday, 05 May 2025 06:52 PM

හලෝ රාමා, ඒක අපි හිතාගන්නං, ඔහේ බෙහෙත් වෙනුවට ඇල්වතුර දුන්න ඔහෙලගෙ හොරැ ටික බේරගන්න විදියක් හිතන්න.

:       3       2

බේරේ ගඳ නෑරේ Monday, 05 May 2025 05:25 PM

අනේ අපිට දිගටම අසරණ රෝගීන්ව ගසාකන්න දෙන්න. දොස්තරලාට සන්තෝෂම් දීලා අපිට වැඩේ කලින් ආණ්ඩුවල කාලවලදී වගේ කරගෙන යන්න දෙන්න. අපි අනික් සිස්ටම් චේන්ජ්වලට උදවුත් කරන්නම්...

:       5       25

PunkaLathaMonday, 05 May 2025 06:08 PM

කෙහෙලිය ඇමැතිතුමා කොච්චර හොඳයිද?

:       6       14

ජයක Tuesday, 06 May 2025 09:54 AM

මෙහෙ කොහෙද ඖෂධ කර්මාන්තයක්.ඔය ඖෂධ ගේන්න බහුජාතික සමාගම් ටික ඉන්නෙ.ඒ අයගෙ රැකියා නම් නැති වෙන්න පුලුවන්.ඕකට කර්මාන්තය නෙමේ, ඕක ඖශධ ජාවරම නේ

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 482 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site