
(මුදිතා දයානන්ද )
ආණ්ඩුවට එරෙහිව ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු මැයෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ උද්ඝෝෂණ පාගමන දෙවන දිනටත් අද(18)වාද්දුව නගරයෙන් ආරම්භ විය.
මෙම පාගමන පෙරේදා පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භව වාද්දුවෙන් අවසන් විය.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස , කේ.ඩි ලාල්කාන්ත, රංගන ශීල්පි රවීන්ද්‍ර යසස්, නීතිඥ හර්ෂණ නානායක්කාර ඇතුලු ජාතික ජනබගවේගයේ නායකයෝ රැසක්ද විශාල ජනතාවක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම පාගමන අද(18) පස්වරුවේ මොරටුව නගරයෙන් අවසන් කිරිමට නියමිත අතර හෙට එය කොළඹ ලිප්ටන් වටරවුම දක්වා ගමන් කරනු ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මේ රටට ඇති එකම බලාපොරොත්තුව ජවිපය ප්‍රමුඛ ජාතික ජනබලවේගය පමණයි.
අපේ රටේ අනාගතය නැවත ගොඩනගන්න ජන බලවේගයට බලය දෙමු.
ජනතාව පෙළන තක්කඩි පාලනය අවසන් කර රටට නායකත්වය දෙන්න.
මේ ජනගඟ රටේ අනාගතය වෙනස් කිරීමට සමත් වනු ඇත. ජන බලයට ජයවේවා...!
ජනතා පා ගමන ජයග්‍රාහීව අවසන් කරමු. රාජපක්ෂ පාලනය ගෙදර යවමු. ජනබලයට ජයවේවා..!
ඓතිහාසික පාගමනට අපිත් එකතු වෙමු. දූෂිත පාලනය අවසන් කරමු. අනුර දිසානායක... අපේ අනාගත බලාපොරොත්තුව දිනවමු.
අනිවාර්යයෙන් මීළඟ රජය පිහිටුවන්නේ ජවිපෙ නායකත්වයෙන් ජාතික ජනබලවේගයයි. රටේ ජනමතය එයයි.
කොළඹට ළංවුණාම කොල්ලුපිටිය හන්දියෙන් දකුණට හැරිලා යන දිහාවකට යන්න. අර "ගම" පැත්තේ ගිහින් වැඩේ දෙල් කරන්න නම් එපා ප්ලීස්. මෙන්න වැන්දා...
මේ නාඩගම්වලට වෙලාව තියෙන අයට අපි වෙනුවෙන් තෙල් පෝලිමේ ඉන්න පුළුවන්නේ. ඒක හොඳයි මීට වඩා...
මේ අපේ අවසාන බලාපොරොත්තුවයි...
මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ තමයි. ඒත් කරුණාකරලා ඔයාලගේ ප්ලෑන් එක විස්තරත් එක්ක ඉදිරිපත් කරන්න. එහෙම නැතිනම් ඔයාලත් අනිත් අය වගේම තමයි.
රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට ඡන්දය දීලා රටට කෙළවනතුරු බලා ඉඳලා දැන් ජවිපයට උපදෙස් දෙන්න දඟලන සමහරක් ඉන්නවා තවම..