IMG-LOGO

ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්

(අංජුල මහික වීරරත්න)

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද (30) ප්‍රකාශ කළේය.

මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී  පැවැති සාකච්ඡාවේදී  චාල්ස් වයිට්ලි මහතා මේ බව කියා සිටියේය.

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටත් වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට  සහාය ලබා දීමට සූදානම් බවත් චාල්ස් වයිට්ලි මහතා සඳහන් කළේය.

යුරෝපා සංගමයේ GSP+ සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීම අපේක්ෂා කරන බවද යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාර්ස් වයිට්ලි මහතා පැවසීය.

යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ලබාදීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ  ප්‍රතිපත්ති හා සමානුපාත වන බවත් චාර්ස් වයිට්ලි මහතා සඳහන් කළේය.

යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ළඟා කර ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමය සිදු කළ උපකාර සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවයි 

යුරෝපා සංගමයේ GSP+ සහනය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට හිතකර  තත්ත්වයක් ඇති කිරීමටත් ආර්ථිකයෙහි දියුණුවක් ඇති වීමටත් බලපෑ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.



අදහස් (8)

ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Wednesday, 30 April 2025 03:28 PM

කොළ එලිය ආවේ තඹුත්තේගම තනි සිග්නල් කණුවෙන්ද දන්නේ නැහැ... දැන් ඉතින් මොනරවිලයි, බද්රානියි මාලිමාවේ අසූචි කකා මෙතැන රඟයි, තියෙන ඔක්කෝම එළියේ දාගෙන...!

:       31       12

SAKURAWednesday, 30 April 2025 04:26 PM

ඔබලාට ඕනෑ රටට කොහොම කෙළ වුණත් හොර හාම්පුතාලා රජකරවලා ඔවුන්ගෙන් වැටෙන ගොම්පස් කන්න නේ...

:       9       18

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියාWednesday, 30 April 2025 05:11 PM

සමන්ත වගේ කිහිල්ල කසලා සුවඳ බලලාද සකුරාත් කජු කන්නේ? බලාගෙන...

:       10       2

Neel Wednesday, 30 April 2025 04:56 PM

අනුර දිසානායක ජනාධිපතිට ලේසි වෙන්නේ නැහැ... රට සංවර්ධනය කිරීමට අමතරව මේ වගේ අපතයින්වත් සමාජ ගතකරන්නත් තිබෙනවානේ. මොකද මේ වගේ ගොරකයින්ව රටට පිලීලයක්....

:       0       13

ජයනාත් Wednesday, 30 April 2025 05:12 PM

මලා... ඒකත් ඉවරයි ..දැන් මොකද කරන්නේ සජියෝ..?

:       0       13

Hafeel Wednesday, 30 April 2025 05:50 PM

මේක රටට සුබ ආරංචියක්. නමුත් රනිල් සීයට අසුබ ආරංචියක්...

:       0       13

සෙනෙවිරත්න Thursday, 01 May 2025 11:37 AM

රටට කෙලවෙනකන් බලන් ඉන්න උන්ගෙන් අහන්නෙ, උඹලගෙ නායකයො ආවම මේ ප්‍රශ්න ඉබේ විසඳෙනවද, එතකොට හතරමහ නිධාන පහළ වෙනවද? ඔය පරාදවෙච්ච අය පරාද උනේ උන්ගෙ ක්‍රමය වැරදි නිසා, ඒක නිසා තමුන්ට වෙච්ච පෞද්ගලික අවාසි නිසා රටක් වල පල්ලට යනව කියල සතුටුවෙන්න එපා.

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 May 2025 11:42 AM

මේකට රනිල්ගෙන් උපදෙස් ගත්තෙ නැතෙයි, උන්නැහැට කීව නම් ප්‍රෙස් කම්පරන්ස් එකක් තියල කරන පිළිවෙළ අගේට කියාදෙයි. එතුම සුද්දො හඳුනන නිසා වැඩේ පහසුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 420 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 756 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site