(ප්‍රසංග පෙරේරා)

ජා-ඇල ප්‍රධාන බස් නැවතුම්පොළෙහි වෙලා සටහන්කරුවකුට වැලිසර ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවේ නිලධාරීන් පිරිසක් පහර දුන්නේ යැයි පවසමින් ජා-ඇල බස් නැවතුම්පොළෙහි මාර්ග අංක 273 බස් රථ ධාවනය අත් හිටුවයි.

මෙම පහර දීම අද උදෑසන සිදු වු බව ජා-ඇල ප්‍රධාන බස් නැවතුම්පොළෙහි වෙලා සටහන් කරුවකු වු විපුල ජයකොඩි මහතා පවසා සිටියහ.

මාර්ග අංක 273 ජා-ඇල මීගමුව මාර්ගයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ධාවනය කරවීම ප්‍රමාද කරවුයේ යැයි පවසමින් පහර දීම සිදු කල බව පෞද්ගලික බස් රථ රියදුරන් පවසා සිටියහ.

මෙහිදී පහර කෑමට ලක් වු වෙලා සටහන්කරු ප්‍රතිකාර සඳහා ජා-ඇල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරු කර යැවු බව වෙලා සටහන්කරුවකු වු විපුල ජයකොඩි මහතා පවසා සිටියහ.