
( ප්‍රසංග පෙරේරා)
ජාඇල, වැලිගම්පිටිය ,ආනා මාවතේ නිවාස තුනකට අද (24) අලුයම T 56 ගිනි අවියකින් ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය පවසයි.
වෙඩි තැබීම සදහා පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.පැමිණි දෙදෙනා ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 38 ක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
නිවාස තුනකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර සැකකරුවන් ගේ ඉලක්කය වී ඇතැයි සැකකෙරෙන නිවසේ පුද්ගලයන් කිසිවකු වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිට නොමැති බව කියයි.
වෙඩි වැදී ඇති තවත් නිවසක පුද්ගලයන් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ විනෝද ගමනකට සහභාගී වෙමින් සිට ඇත.වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී ඇතැයි පොලිසිය සැකකරන නිවසට ඉකුත් 15 දිනද මේ ආකාරයට ම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවද පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දෙයක් පැහැදිලියි. මේ කට්ටියම මොකක්හරි නීති විරෝධී වැඩකට සම්බන්ධ අයයි.