
(ප්‍රසංග පෙරේරා)
ජා-ඇල ආනියකන්ද ආර්යුවේද රෝහලේ සාස්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ( 02) දා රාත්‍රියේදී වසා වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
රෝහලේ කොවිඩ් 19 ආසාදිත වු හැදල වත්තල පදිංචි සාත්තු සේවිකාව ඉකුත් 9 වනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වෙත මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව අනාවරණය වී ඇත. 02 දා ඇය කොවිඩ් 19 ආසාදිත බව අනාවරණය වී තිබේ.
ආර්යුවේද රෝහල වසා දැමීමෙන් පසු එහි වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනකු ස්වයං නිරෝධායනය ට යොමු කර ඇති අතර නේවාසික රෝගීන් තිදෙනකුද ඔවුන්ගේ නිවාස වලට යවා ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බාල්දු කරනවා නොවෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලොව පුරා විශ්මිත දස්කම් පෙන්වූ බවට සාක්ෂි තිබෙනවා. ඒත්, කොරෝනා වෛරසය චීනා හැදුවේ ඉතා දරුණු විදිහට. පසුගිය කාලේ කිව්ව විදිහට ඔන්න තමන් සොයාගත් බෙහෙතේ බලේ පෙන්වන්න ආයුර්වේද වෛද්‍යවරුන්ට හොඳ අවස්ථාවක් ඇවිත්. තමන්ගේම හෙදියකට හැදිලා. ඒ මදිවට රෝහලකුත් වහලා. ඒ නිසා බෙහෙත් හොයාගත් අය මේ හෙදිය සුවපත් කොට හැකිනම් රෝහල විවෘත කරන්න. සිංහල වෙදකම ලොව ප්‍රචලිත කරන්න මීට වඩා හොඳ අවස්ථාවක් නැහැ. හැබැයි මේක කරන්නට බැරිවුනොත් නම් සිංහල වෙදකම බොරුවක් යයි සිතන්නට වෙනවා.