IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

දේශපාලඥයෙක් මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අද (2) අභාවප්‍රාප්ත විය.

සූරියප්පෙරුම මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 96 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්සයේ දැදිගම සංවිධායක ලෙස ද කලක් කටයුතු කළ ඒ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස 2010 සිට 2015 දක්වා කාලයේ කටයුතු කළේය.

විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් වූ සූරියප්පෙරුම මහතා රූපවාහිනි වැඩසටහන්වලට සහ සංවාදවලට සහභාගි වෙමින් ජනප්‍රිය විය. ඒ මහතා පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවාදවලට සහභාගී වෙමින් ශ්‍රී ලාංකිකයන් දැනුමෙන් පෝෂණය කිරීමට කටයුතු කළේය.

(යොහාන් භාසුර)

 



අදහස් (6)

ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

සනත් ගමගේ Thursday, 02 January 2025 09:20 PM

හැබෑම දක්ෂ මනුස්සයකු වූ ඔබේ දිවි සැරියට සුභ ගමන්

:       4       35

කපිලFriday, 03 January 2025 12:13 AM

හොද විද්වතෙක්.ඔබතුමන්ට සුබ ගමන්

:       0       5

dasun Thursday, 02 January 2025 09:58 PM

අවසන් කටයුතු 4 වන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. දේහය හෙට සවස 6 පමණ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.

:       1       4

sunil Friday, 03 January 2025 05:07 AM

එවකට පැවතී ආසන මට්ටමෙන් වූ මහා මැතිවරණ වලදී විටෙක සිරිමාවෝ මැතිනියට විරුද්ධවත් තවත් විටෙක ඩඩ්ලි සේනානායක මහතා ට විරුද්ධවත් තරඟ කළා .

:       0       4

ජයරත්න Friday, 03 January 2025 07:01 AM

එතුමා ජංගම පුස්තකාලය. දේශීය ආහාරවලින් ජනතාවගේ පෝෂණය නංවාලීමට නිතර උනන්දුකරවූ සැබෑ වියතෙක්දක්ෂයෙක්.ගුරුවරයෙක්

:       0       6

Senarath Friday, 03 January 2025 09:14 AM

ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site